6:00 a.m )
එක දිගට ධාවනය උනු බස් රථය අවසානයේ උදෑසන හය පමණ වන විට විශාල රෙස්ටුරන්ට් එකක් ඉදිරියේ නතර කරා...
" හැමෝම බහින්න.. අපි අද උදේ කෑම මෙහෙන් අරගමු.. "
පාර්ක් තම ආසනයෙන් නැගිට අනිත් අයටත් ඇහෙන්න එහෙම කිව්වහම මෙච්චර වෙලා කම්මැලිකමේ හිටපු හැමෝම වගේ තම තමන්ගෙ ආසන වලින් නැගිටලා පල්ලෙහට යන්න සූදානම් උනා...
" චිමී මේ මගෙ සයිඩ් බෑග් එක.. ඒක ඔයාගෙ ලොකු බෑග් එකට දානවකො "
යුන්ගි යන්න කලියෙන් එයා මෙච්චර වෙලා ඇගේ එල්ලන් හිටපු සයිඩ් බෑග් එක ගලවලා ජිමින්ට දික් කරා...
" අහ් කෝ දෙන්න "
ජිමින් යුන්ගි අතෙන් බෑග් එක අරන් තමන්ගෙ බෑග් එකට දාගන්න අතරතුර යුන්ගි සීට් එකෙන් නැගිටලා බැලුවෙ පිටි පස්සෙ හතරදෙනා දිහා...
" ආප්පො කුම්බකර්ණයො ටික! ඒ ඒ... නැගිටිනවා හලො!! "
ටේහ්‍යුන්ග්ලා තාමත් කෙලත් පෙරලං නිදි නිසා යුන්ගි ඉක්මනට හතර දෙනාගෙම ඇගට පැනලා හයියෙන් කෑ ගහන්න ගත්තා... කොහොම හරි යුන්ගිගෙ කටේ සද්දෙට හතර දෙනාටම ඇහැරුනා...
" අඩො අපි පන්සලට ආවද?! "
බස් එක නවත්තලා කියලා තේරුන ටේහ්‍යුන්ග් අකුණක් ගහනවා වගේ නැගිටලා එහෙම අහද්දි ඔළුව දෙපැත්තට වනපු යුන්ගි,
" පිස්සුද අයිසෙ! උදේ කෑම ගන්න නැවැත්තුවෙ... ඉක්මනට බැහැලා එනවලා... "
" යකොව් මෙ පොඩි ඇච්චා! "
යුන්ගි එහෙම කියලා පිටි පස්ස දොර ඇරලා එලියට පනිද්දි ජින් එහෙම කිව්වා...
" බුදු අම්මෝ!! "
යුන්ගි ගියපු දිහා බලන් හිටපු කොල්ලො සෙට් එක ඊගාවට ගැස්සිලා ගියේ එකපාර මතු උන ජිමින්ව දැකලා... ජිමින් හතර දෙනා එක්ක හිටියෙ හිත හොදින් නෙවෙයි... ඒක නිසාම එයා හතර දෙනාටම මාරාන්තික හොල්මන් බැල්මක් දාලා එතනින් අතුරුදහන් උනා..
Jin " ගෝඩ් ඒ පොඩි යස්සයා නිසා තව ඩිංගෙන් මට හාර්ට් ඇටෑක් හැදෙනවා
"
VOCÊ ESTÁ LENDO
𝐌𝐘 𝐅𝐈𝐑𝐒𝐓 𝐂𝐑𝐔𝐒𝐇 | 𝐓𝐊 ✅
FanficTae " ඒයි කිරි කෑල්ල...!! " Jk " මොකද!! " Tae " මං තමුසෙට ආදරෙයි ඕයි... " Taekook ff top-tae bottom-jk