29

775 118 11
                                    

Breaking news!!

මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවතක්! අද උදෑසන ගන්ග්නම් හයිවේ මේයින් රෝඩ් එකේ තිබී මල සිරුරක් හමු වී ඇත! පොලිස් ආරක්ෂක අංශ පවසන පරිදි මෙය පාතාල කල්ලියක් විසින් සිදු කරන ලද ඝාතනයකි!

_______________________________________

ඊළග දවසෙ උදාවත් සමගම මුළු කොරියාවෙම ප්‍රධාන සිරස්තලය උනේ ගන්ග්නම් හයිවේ එකෙන් හමුවුන මළසිරුරයි.

පොලීස් ආරක්ෂක අංශ ඝාතනය පාතාල කල්ලියක් විසින් සිදු කරා කියලා මාධ්‍යට ප්‍රකාශ කරත් එයාල කවුරුවත් දැනගෙන හිටියෙ නෑ ඇත්තටම එහෙමද කියලා... මොකද එයාලත් කරේ ඉහලින් ලැබුණු අණක් පිළිපැදපු එක!

එතකොට කවුද ඇත්තටම ඒක කරේ ?

>>>

ජන්කුක් රිමෝට් එක අරන් Tv එක ඕෆ් කරලා දැම්මා... එයාට හිතාගන්න බැරි උනා එක දිගට වෙච්ච දේවල්... ඒත් මේ නිව්ස් එක නිසා හැමෝටම එයාව අමතක වෙලා තිබුනා... ඒක ජන්කුක්ට සහනයක් ගෙනාවා... හොඳ හුස්මක් ගත්තු ජන්කුක් රිමෝට් එක ග්ලාස් ටේබල් එක උඩින් තියලා ඇදෙන් ඉද ගත්තා.. ඒත් එක්කම වොශ් රූම් එකේ දොර ඇරෙද්දි ජන්කුක් ඔළුව හරවලා ඒ පැත්ත බැලුවා...

" ඔයාද ඒක කරේ... ? "

ජන්කුක් තියුණු ඇස් වලින් ඒ කෙනාගෙන් අහද්දි කට කොනකින් හිනා උනු එයා ටවල් එකෙන් මූණ පිහිදාන ගමන් මීරෝර් එක ඉස්සරහින් හිට ගත්තා...

" මට කියන්න.. ඔයාද ඒක කරේ...? "

ජන්කුක් ආපහු සැරයක් ටිකක් සද්දෙන් අහද්දි අතේ තිබ්බ ටවල් එක බිමට දාපු සෝජුන් මීරෝර් එකෙන් ජන්කුක් දිහා බැලුවා....

ඒ දෙන්නගෙම ඇස් තියුණු විදිහට එක එල්ලේ යා වෙද්දි ජන්කුක්ව ආපහු නූල් බෝලෙක පැටළුනා!

FLASHBACK ~

කළු පාට රේසින් බයික් එක වේගෙන් ඇවිත් නැවැත්තුවෙ හයිවේ එකක පාලමක් යට! බයික් එක නවත්තනවත් එක්කම පිටි පස්සෙ වාඩි වෙලා හිටපු ජන්කුක් හෙල්මට් එක ගලවලා බිමට බැස්සා.... ඒත් එයාගෙ ඇස් ලොකු උනේ පාලම අයිනෙම නවත්තලා තියෙන luxury black car එක දැකලා....

𝐌𝐘 𝐅𝐈𝐑𝐒𝐓 𝐂𝐑𝐔𝐒𝐇 | 𝐓𝐊 ✅Where stories live. Discover now