22

650 124 14
                                    

පහලින් හයියෙන් කෑ ගහන සද්දයක් ඇහෙද්දි ඇදේ ගුලි වෙලා හිටපු ජන්කුක් ගැස්සිලා ගියා.. එහෙමම එයා දොරත් ඇරන් පල්ලෙහට දුවගෙන ගියේ කලබල වෙලා.. ජන්කුක් වගේම එයාගෙ ඔම්මත් වත්තෙ ඉදන් කිචන් එකට දුවන් ආවා...

එතකොට තමයි ඒ දෙන්නම දැක්කෙ කියුරියි ටේහ්‍යුනුයි මූනෙන් මූන බලාගෙන බෙරිහන් දෙනවා!

ටේහ්‍යුන්ග් හිටියෙ ජන්කුක්ට පිටුපාලා නිසා ජන්කුක්ට ටේහ්‍යුන්ගෙ මූණ පෙනුනෙ නෑ එයා දැක්කෙ මූණත් කොල පාට කරගෙන බෙරිහන් දෙන කියුරිව!

" යාහ්, මොකද මේ දෙන්නම බෙරිහන් දෙන්නෙ ආආ... එතකොට කියුරි මං ඔයාට කී සැරයක් කීවද ඔය මගුල උලාගෙන ගේ ඇතුලෙ ඇවිදින්න එපා කියලා.. "

" ආව් ඔම්මා.. "

" මොකක් ? මේ අර බටු ඇටේද නැන්දෙ..? "

යුමී කියුරි ලගට ඇවිත් එයාගෙ පිටට පාරක් ගැහුවම කියුරි මූණ ඇඹුල් කර ගත්තා.. ඒත් එක්කම මේ ඉන්නෙ කියුරි කියලා ඇහුනම ටේහ්‍යුන්ගෙ ඇස් ලොකු උනා.. එයා දැන් ගොඩක් ලොකු වෙලා..

" අහ්, ඔව් ඔව් මෙ ඒ බටු ඇටෙ තමයි.. "

" අනෙ මෙ මං බටු ඇටයක් නෙවෙයි හරිය.. "

කියුරි එයාගෙ ඉස්සරහ ඉන්න යුමීටයි, ටේහ්‍යුන්ග්ටයි ඔරොවලා අහක බලා ගත්තත් ආපහු ඉක්මනින් ටේහ්‍යුන්ග් දිහාට හැරුනා

" පොඩ්ඩක් ඉන්න.. ඔයා මාව දන්නවද..? "

" කොහොම අමතක කරන්නද වෙන්න ඉන්න නෑනානෙ.. "

ටේහ්‍යුන්ග් කට කොනින් හිනා වෙලා කියුරිට ඇහැක් ගහපුවාම කියුරිගෙ ඇස් ලොකු උනා... ඒත් එක්කම වගේ හැමෝටම අමතක උනා එයාලගෙ මේ සාකච්ඡාව දිහා බලාගෙන තවත් පුද්ගලයෙක් පිටි පස්සෙ ඉන්නවා කියලා...

" ඕහ් කුකී... "

යුමී ආපහු වත්තට යන්න හැරෙද්දි ජන්කුක්ව දැකලා කතා කරහම තමයි ටේහ්‍යුන්ගෙ අවධානයත් ඒ පැත්තට ගියේ... ටේහ්‍යුන්ගෙ හදවත වේගයෙන් ගැහෙන්න ගද්දි ටේහ්‍යුන්ග් ඉක්මනින් පිටි පස්ස හැරුනා..

ඒ සැනින් ජන්කුක්ගෙ බෝල ඇස් එක්ක එයාගෙ කෝපි පාට ඇස් යා වෙද්දි දෙන්නම එකිනෙකා දිහා ඒ විදිහටම බලන් හිටියා...

𝐌𝐘 𝐅𝐈𝐑𝐒𝐓 𝐂𝐑𝐔𝐒𝐇 | 𝐓𝐊 ✅Donde viven las historias. Descúbrelo ahora