ටේහ්යුන්ග් බය වෙලා වගේ කහින්න ගද්දි ජන්කුක්ට ආවෙ වෙනම ආතල් එකක්. හේතුවක් දන්නෙ නැතුවම දවසකින් අදුරගත්ත ටේහ්යුන්ග් එක්ක සෙල්ලම් කරන එක ජන්කුක්ට විනෝදයක් උනා,
" So , ඔයා දැන් යන්න.. මං මේක කාලා මුළු ගානම පේ කරල යන්නම්.. "
ජන්කුක් ආඩම්බරෙන් කිව්වම ටේහ්යුන්ග් නිහඩවම එතනින් අයින් උනා... ඊට පස්සෙ එයා ජන්කුක් කාලා බිල ගෙවලා යනකම්ම කිචන් එකට වෙලා හැංගිලා බලන් හිටියා.. ජන්කුක් ගියාට පස්සෙ බර හුස්මක් පහත දාපු ටේහ්යුන්ග් ඇදන් හිටපු ඒප්රන් එක ගලවලා එතනින් තියලා එලියට යන්න හැදුවත් කැෆිටේරියා එකෙ ප්රධානියා බඩ තඩි මාකස්ගෙ කටහඩ නිසා එයා නැවතුනා...
" ටේහන් මේ කෑම බොක්ස් එක පස්වෙනි floor එකේ ජෙනී මැඩම්ට ගිහින් දෙන්න.. "
" ආශ් මොන මගුලක්ද!! "
ටේහ්යුන්ග් අකමැත්ත පෙන්නන්න ලග තිබ්බ ඩස්පින් එකට පයින් පාරක් ගහලා ආපහු මාකස් ලගට ගිහින් බොක්ස් එකත් අරන් පස්වෙනි floor එකට ගියා... ඇත්තටම එයා කේන්ති ගත්තත් වැඩක් වෙන් නෑ මොකද එයාමයි මේ වැඩේ කරන්න තීරණය කරේ...
>>>
පස්වෙනි floor එක දිගේ ඇවිදින ගමන් ටේහ්යුන්ග් හෙව්වෙ ජෙනීගෙ කියලා හිතන්න පුළුවන් කැබින් එක, අවසානෙ ' kim jennie ' කියලා ගහලා තියෙන දොර ඉස්සරහින් ටේහ්යුන්ග් නැවතුනා
කැප් එකත් හදාගත්තු ටේහ්යුන්ග් ඊළගට දොරට තට්ටු කරා
' knok knok '
" Come in "
ඇතුලින් ජෙනීගෙ කටහඩ ඇහෙද්දි ටේහ්යුන්ග් දොරත් ඇරන් ඇතුලට ගියා
එතකොටත් ජෙනී හිටියෙ මීරෝර් එකට මුහුණලා මේකප් එකක් දාගන්න ගමන්
" ඕක ටේබල් එක උඩින් තියන්න "
මීරෝර් එකෙන් ඇවිත් ඉන්නෙ වේටර් බෝයි කියලා දැකපු ජෙනී ඒ විදිහට කියද්දි ටේහ්යුන්ග් ඔළුව වනලා ෆුඩ් බොක්ස් එක ටේබල් එක උඩින් තිබ්බා
" Jennie තමුසෙ මෙ මොකක්ද කරේ!! "
ඒත් එයා ආපහු යන්න හැරුනත් එකපාර කැබින් එකට කඩන් බිදන් ආපු සෝජුන් නිසා ටේහ්යුන්ග් විදුලි වේගෙන් අනිත් පැත්තට හැරුනා

YOU ARE READING
𝐌𝐘 𝐅𝐈𝐑𝐒𝐓 𝐂𝐑𝐔𝐒𝐇 | 𝐓𝐊 ✅
FanfictionTae " ඒයි කිරි කෑල්ල...!! " Jk " මොකද!! " Tae " මං තමුසෙට ආදරෙයි ඕයි... " Taekook ff top-tae bottom-jk