" ම-මං එයාට කැමතියි! "
ජන්කුක්ගෙ කටින් ඒ වගේ දෙයක් පිට වෙද්දි ටේහ්‍යුන්ග්ව ගැස්සිලා ගියා... එවෙලෙම එයා අල්ලන් හිටපු ජන්කුක්ගෙ අත අතෑරෙද්දි එයා ඇස් පිල්ලම් නොගහ ජන්කුක් දිහා බලන් හිටියා... ටේහ්‍යුන්ග්ට මේ ඇහුන දේ විශ්වාස කරගන්න බැරි උනා.. මොකද එයා මේ වගේ දෙයක් හීනෙකින්වත් හිතුවෙ නෑ...
" ඒත් එයා මට කැමති නෑ.. මට ඒක තේරෙනවා.. "
ජන්කුක් මූණත් දුකෙන් හකුලන් ටේහ්‍යුන්ග්ට කියද්දි ටේහ්‍යුන්ගෙ ඇස් ගොඩක් අසරණ උනා...
" ඔයා ඔහොම දුක් වෙන්න ඕන එයා ගැන හිතල නෙවෙයි බේබී "
ටේහ්‍යුන්ග්ට ඕන උනා ඒ විදිහට කියන්න.. ඒත් අවාසනාවකට එයාගෙ කටින් ඒ වචන පිට උනේ නෑ...
" ඔයා දන්නවද, වෙලාවකට එයා මට හොදින් සලකනවා.. ඒත් තවත් වෙලාවකට එයා වෙනස් වෙනවා.. මට තේරෙන් නෑ මං මොනව කරන්නද කියලා.. මං එයාට කැමති උන එක හරිද කියලවත් මට අදහසක් නෑ.. "
ජන්කුක් එක දිගට එයාගෙ හැගීම් ගැන ටේහ්‍යුන්ග්ට කියාගෙන ගියේ කෙනෙක් තමන්ගෙ හොඳම යාළුවාට හැමදේම කියනවා වගේ, ඒත් ටේහ්‍යුන්ග් ගැන කීවොත් එයා ඒ හැමදේම අහගෙන හිටියෙ හැගීමක් නැති ස්වභාවයකින්.. අවසානයේ ටේහ්‍යුන්ග්ට කියන්න පුළුවන් උනේ මෙච්චරයි,
" වැඩිය හිතන්න එපා.. හැමදේම හරියයි.. කෝ දැන් හිනාවෙන්න... "
ටේහ්‍යුන්ගෙ වචන වලට හිස සලපු ජන්කුක් අවසානයේ අමාරුවෙන් උනත් මූණට හිනාවක් අරගෙන ටේහ්‍යුන්ග් එක්ක හිනා උනා...
" අම්.. ඒක නෙවෙයි ඔයා කැමති කවුරුත් නැද්ද..?
ජන්කුක් එකපාර හෙන ගහන්න වගේ ඒ වගේ ප්‍රශ්නයක් අහද්දි ටේහ්‍යුන්ගෙ ඇස් ගැස්සුනා.. ටේහ්‍යුන්ග් එක එල්ලෙම ජන්කුක් දිහා බලන් හිටියා..
" කොහොම කියන්නද ඒ ඔයා කියලා මැණික...? ඔයා දැනටමත් වෙන කෙනෙක්ට කැමතියි කියද්දි... "
ටේහ්‍යුන්ග් හුස්මක් පහල හෙළුවා...
" ඉන්නවා.. "
ටේහ්‍යුන්ග් හැගීමක් නැති ඇස් වලින් කියද්දි ජන්කුක් උද්යෝගීමත් උනා..
VOCÊ ESTÁ LENDO
𝐌𝐘 𝐅𝐈𝐑𝐒𝐓 𝐂𝐑𝐔𝐒𝐇 | 𝐓𝐊 ✅
FanficTae " ඒයි කිරි කෑල්ල...!! " Jk " මොකද!! " Tae " මං තමුසෙට ආදරෙයි ඕයි... " Taekook ff top-tae bottom-jk