වෙලාව හවස 6 ට ලං වෙලා තිබ්බෙ... හැමෝම ඇති තරම් විනෝද වෙලා මුහුදෙන් ගොඩට ඇවිත් පිරිසිදු වෙලා අලුත් ඇදුම් වලට මාරු වෙලා ආපහු බස් රථයට නැග්ගෙ එයාලගෙ රාත්‍රී නැවතුම්පොලට යන්නයි..." අඩෝ මොකක්ද බං මෙ උබ ගහල තියෙන්නෙ.. "
මෙච්චර වෙලා නිශ්ශබ්දව තිබුන පිටිපසු කොටසෙ, එකපාරට නිශ්ශබ්දතාවය බිදිලා ගියෙ ජින්ගෙ කෑ ගැහිල්ලට...
" ඇයි ඇයි උබ කෑ ගහන්නෙ.. "
අයිනකට වෙලා මලක් කඩ කඩ හිටපු හෝසොක් ෆෝන් එකෙන් මූණ අරගෙන කටත් ඇද කරන් බැලුවෙ ජින් දිහා
" බලහම් මෙ..
ජින් එහෙම කියලා එයාගෙ අතේ තිබුන ෆෝන් එක හෝසොක්ගෙ මූණට දික් කරා..
" හම්මටසිරි වර්ල්ඩ් වයිඩ්ගෙ නහයෙ මැස්සෙක් වහලා!! හම්මොහ් මට බැරියො!!.. හහ්.. "
" නවත්තපන් තොගෙ හිනාව!! මෙ මොකක්ද කිම් නම්ජුන්!! "
ෆෝන් ස්ක්‍රින් එකෙ තිබ්බෙ දවල් කෑමට නවත්තපු තැන ජින්ගෙ ගහපු ෆොටෝ එකක්... ඒකෙ ජින්ගෙ නහය උඩ මැස්සෙක් වහලා!... දැක්ක ගමන් හොබී මහ හයියෙන් හිනා වෙන්න ගත්තම ජින් තවත් තරහෙන් රතු වෙලා හැරුනෙ ෆොටෝ එක ගත්තු එකා දිහාට,
" මං මොනා කරන්නද ඉතින්.. ඒක මිස්ටේක් එකක්.. "
" මිස්ටේක් එකක්!? හහ් මෙ වර්ල්ඩ් වයිඩ් හැන්ඩ්සම්ගෙ නහයෙ මැස්සෙක් වහලා ඉද්දි තමුසෙ ෆොටෝ එක ගත්තු එක දැන් මිස්ටේක් එකක් කියලද කියන්නෙ තමුසෙ ආආආ.. "
" හෝව් හෝව් ජිනා පොඩ්ඩක් කෑ ගහන් නැතුව ඉන්නවකො.. කෝ දෙනවා බලන්න ඔය ෆෝන් එක...
නම්ජුන් එහෙමම ජින්ගෙ අතේ තිබ්බ ෆෝන් එක තමන්ගෙ අතට අරන් ඒකෙන් ගහපු වෙන ෆොටෝ එහකට මාරු කරා
"ආහ් මෙ බලන්න.. ඔයා එකකටනෙ කෑ ගැහුවෙ.. දැන් මේක බලලා ආපහු මට කෑ ගහනවා බලන්න.. "
නම්ජුන් වැඩ්ඩා වගේ ෆෝන් එක ජින්ගෙ අතේ තිබ්බෙ එහා පැත්තෙ හිටපු හෝසොකුත් බෙල්ල දික් කර කර ඒකට එබෙද්දි,
" අඩ්ඩො!! උබ කොයි වෙලෙද මෙහෙම එකක් ගත්තෙ..? "
ෆොටෝ එක දැක්ක ගමන් ජින්ගෙයි හොසොක්ගෙයි ඇස් උඩ ගියා... ඒකෙ ජින්ට ටිකක් දුරින් සෙස්සි ගර්ල් කෙනෙක් හිටියා... එයාල දෙන්නව වැදිලා තිබ්බෙ නිකන් කපල් එකක් විදිහට...
YOU ARE READING
𝐌𝐘 𝐅𝐈𝐑𝐒𝐓 𝐂𝐑𝐔𝐒𝐇 | 𝐓𝐊 ✅
FanfictionTae " ඒයි කිරි කෑල්ල...!! " Jk " මොකද!! " Tae " මං තමුසෙට ආදරෙයි ඕයි... " Taekook ff top-tae bottom-jk