Cotton candy's ලගෙ ශෙඩුල් එක චෙක් කරලා ඉවර උනාම ඊළගට සෝජුන්ගෙ ඇස් ගියෙ ටේබල් එක උඩ තියෙන කුකීස් පෙට්ටිය ලගට. ඒක තමන් ලගට ඇදලා ගත්ත සෝජුන් පියන ඇරලා ඇතුල බැලුවා. එක එක හැඩ වලට හදල තියෙන කුකීස් දැක්කම සෝජුන්ගෙ මූණට හිනාවක් ආවා. එයාට මතක් උනා එයාගෙ අතීතය. කැවිලි වෙළෙන්දෙක් විදිහට වැඩ කරපු කාලෙ,
තමන්ගෙම අතීතෙ ගැන හිත හිත ඉද්දි එකපාරම සෝජුන්ගෙ ඇස් ගැටුනෙ කුකීස් අතර නවලා තියෙන රෝස පාට කොලේට.. කුතුහලයෙන් කොලේ අත් අතරට ගත්තු සෝජුන් ඒක දිගෑරලා කියෙව්වා...
" ස්තූතියි,... ගොඩක් ස්තුතියි ඊයෙ දවසෙ දිරි ගැන්වීමට! ඇත්තටම මම හිතුවෙ මට ඒක කරන්න බැරි වෙයි කියලා.. ඒත් මම හිතුවටත් වැඩිය හොදින් ඒක උනා.. ඒ හැමදේම ඔයාගෙ වචන නිසා.. ඉතින් ආපහු සැරයක් ස්තූතියි!!
ජියෝන් ජන්කුක් "
" ඕහ්.. එතකොට මේක ජන්කුක්ගෙද..? "
පහලින් තියෙන ජන්කුක්ගෙ නම දැක්කම සෝජුන්ගෙ මූණ වෙනස් උනා..
" ඒත් එයා කොයි වෙලේද කැබින් එකට ආවෙ.. "
සෝජුන් කල්පනා කරා... ජෙනා කිව්ව විදිහට ඒක තිබ්බෙ ටේබල් එක ලග බිම වැටිලා!
" බැරි වෙලාවත්...? ඕහ් ශිට්!! "
එකපාර දෙයක් ඔළුවට එනවත් එක්කම සෝජුන් හිටපු තැනින් නැගිටලා කැබින් එකෙන් එලියට දිව්වෙ ජන්කුක්ගෙ ප්‍රැක්ටිස් රූම් එකට.
>>>
අඩලා අඩලා හෙම්බත් උනු ජන්කුක් ඊළගට ඉදගෙන හිටපු තැනින් නැගිට්ටෙ ගෙදර යන්න හිතාගෙන.. ඒත් එයා ප්‍රැක්ටිස් රූම් එකේ දොර අරිනවත් එක්කම එයා ඉස්සරහ හිටියෙ එයා කීයටවත් බලාපොරොත්තු නොවුනු කෙනෙක්!
" අහ් "
සෝජුන් පැනපු ගමන් ජන්කුක්ව බදා ගත්තෙ ජන්කුක්ව ශොක් වෙලා යද්දි, එයාට හිතාගන්න බැරි උනා මේ දැන් සෝජුන් එයාව බදා ගත්තද කියන එක.
YOU ARE READING
𝐌𝐘 𝐅𝐈𝐑𝐒𝐓 𝐂𝐑𝐔𝐒𝐇 | 𝐓𝐊 ✅
FanfictionTae " ඒයි කිරි කෑල්ල...!! " Jk " මොකද!! " Tae " මං තමුසෙට ආදරෙයි ඕයි... " Taekook ff top-tae bottom-jk