හැත්තෑ පස්වන දිගහැරුම ~

3K 377 190
                                    

~

" ත්-ත-මුසේ...ත-මුසේ නම් ම්-මහ ඕන්නෑ අ-යියා...ඕන්නෑ තමුසේ...ආස න්-නෑ මං දැන් ඔ-යාට...ම්-මාව ද්-ද‍ාලා ගියා...ත-රහයි මං....මෝ-ඩයාහ්..."

" මගේ වස්තුව නේ ඕයි තමුසේ එහෙම ද‍ාලා යනවද යකෝ මං...?! මගේ පණ ටික නේ...උඹ නැතුව මං කොහොම ඉන්නද..?! "

" ම්හ්ෆ් ! බ්-බොරුමයි කි-යන්නේ ඔයා...ඔ-ය ගියේ හො-දට...හරකා ! ඕන්නෑ ත-මුසෙව ම්-මට නම්..."

" මගේ මැණිකනේ ඉතින් මේ! කෝ බලන්න සුවඳ...අම්මේ ඕඩිකොලොන් නාලානේ මේකා...ඔහොම සල්ලි නෑ යකෝ මට ඕඩිකොලොන් ගේන්න උඹට...! "

~

" මගෙ දරුවාව බලාගනින් දේවා..."

" මටත් ඉතින් මගේ කරදරකාරයව නැතුව හරි පාළුයි තමයි...හිටපන්කෝ ඉතින් මං මේ වැඩ ටික ඉවර කරගන්නකම්...මං එන්නම් උබව බලලා යන්න ම්ම්..."

~

ටික්.....ටොක්....
ටික්.....ටොක්....

ඒක....ඒ තප්පර කටුව කැරකෙන සද්දේ....ඒ සද්දේ කිසිම බාධාවක් නැතුව මගේ කන් වලට පැහැදිලිවම ඇහුනා....! හ්ම්ම්ම්....ඔව් ඒ තරම් නිහැඩියාවක්....ඒ නිහැඩියාව අතරින් වේදනා දෙන මනස පුරාම දෝංකාර දෙන මගේ අප්පච්චිගේ කටහඬ....සැරින් සැරේට හිර වෙන පපුව එක්කලා ඇස් කොන් වලින් ඔහේ ගලාගෙන යන කදුළු කැට....!

මේ ඔයා මාව බලන්න ආපු විදිහද මගේ විසාල්....මේ ඔයා ඔයාගේ චූටිව බලන්න ආපු විදියද මගේ අයියේ....ඔයා දන්නෙ නැද්ද ඔයාගෙ චූටි පුංචි කාලේ ඉදන්ම ඔයාට සීරීමක්වත් වෙනවට කැමති නෑ කියලා....එහෙම දැනගෙනම ඔයා කොහොම ද මං ඉස්සරහට මේ විදිහට එන්න හිතුවෙවත් ආ....?!

"ආයේ උඹ බොරු බොරු දේවල් නිසා මගේ පොඩි එකාව ඇඬෙව්වොත් ! ඌව මගහැරියොත් ! ආයේ උඹට සිහින කියලා එකෙක් දකින්නවත් බැරි වෙයි හරි...."

ඔයා කරන්නේ බොරුවක් නේද අයියේ....
දේව්ට මාව අඩවන්න එපා කියලා සැර දාපු ඔයා කරන්නෙත් මාව අඩවන එකනෙ අයියේ එතකොට ඔයා කොහොම ද එහෙම කියන්නේ.....? සමහර විට මට සතුට කියන දේ අයිති නැතුව ඇති....ඒකනෙ අවුරුදු ගානක් විදෝලා විදෝල සතුට කියන දේ මගෙ ජීවිතේට ආපු ගමන්ම ආයෙමත් ඒ සතුට මගෙන් ඈත් වෙන්නෙ....ඇයි විසාල්? ඇයි ඔයාට පරිස්සම් වෙන්න බැරි වුනේ....මාව පණ වගේ පරිස්සම් කරපු ඔයාට ඇයි අයියේ ඔයා ගැන හිතන්න බැරි වුනේ....අඩුම තරමේ ඇයි ඔයාගේ චූටි වෙනුවෙන්වත් පරිස්සම් වෙන්න බැරි වුනේ අයියේ....?!

~ සමුද්‍ර සිහිනය ~Where stories live. Discover now