හැත්තෑ හතර වන දිගහැරුම ~

2.8K 383 375
                                    

" මට මතක නෑ ඕයි.. "

" ඔව් උණු වතුරෙන් හේදුවා..ම්ම්ම්..නෑ තාම කෑවේ නෑ..නැගිට්ටේ නැහැ තාම.. "

" ඔව් ඇග රස්නෙයි..වෙන මොනවද කියන්නේ ?! හු#තෝ මගේ කොල්ලා වෙව්ලනවා..!! "

" උබට ඒ බක පණ්ඩිතකම් වලින් වැඩක් නෑ පොඩී කරන්න ඕන මොකක්ද කියපන්.."

" නෑ එක්කෝ උබ එපා මියුරුට ෆෝන් එක දීපන්..දීපන් ෆෝන් එක ! "

" සඳූ...ම්ම්ම්...ඔව්...පාන්දර ඉදන්ම රස්නෙයි...තාම නෑ...මං උයන්න දන්නෑ.."

" තේ ? ම්ම්ම්...ඉඟුරූ දාලද ? හරි හරි.. "

" සුප් ? ඔහ් ඒවා..හරි හරි...ම්ම්..."

" හරි මං තියනවා..පොඩීට කියපන් රොයිටරේ නොවී කටවහන් ඉන්න කියලා..නැත්තං මට කියලා බෙල්ල ගලවගන්න ලෑස්ති වෙලා ඉන්න කියපන්.."

" ම්ම්ම්...හරි! "

ඇහි පියන් අරින්නත් කලින් මට ඇහුනේ එයාගේ ගැඹුරු කටහඬ....! සැරින් සැරේට ඇවිත් නලලේ හැප්පෙන හුස්ම වැල් එක්ක මට තදින්ම දැනුනේ එයාගේ උණුහුම....! මට දැනුනා....ඒ තනි අතක් මගේ ඉනවටේ දැවටිලා මාව ඒ පපුවට හරි තදින් තුරුල් කරන් හිටියා....!

එයාගේ කටහඬත් එක්කම ඇහෙන මහ වැස්සක ඝෝශාව මගේ නින්දට තව දුරටත් හරස් වෙද්දි, ඇඟට උඩින් වැටුණ ශීට් එකටයි එයාගේ පපුවේ රස්නේටයි තව තව ගුලි වෙන්න දඟලපු මං එයාගේ පපුව උඩ තිබුණ අතින් එයාව තව ටිකක් බදාගත්තා....මට හරි මහන්සි! ඇහැරුනත් මොකද? තිබුණ මහන්සියට හෙම්බත් වෙලාම, බර වුන ඇහිපියන් වලින් පටන් ගත්ත වේදනාව නියතුඩු වලට පවා එක හා සමානව දැනෙන්න ගන්නකොට මගේ ඇස් කොනින් මටත් නොදැනිම ලාවා වගේ උණු කදුලු කැට පෝලිමක් කඩාගෙන වැටුණා....එකට එක ඇලිලා ගිය ඇහි පිහාටු එක්ක මට මගේ ඇස් දෙක වත් ඇරගන්න බැරි තරම්....!

ටිකෙන් ටික පියවි සිහියට ආපු මට දැන් දැන් දැනෙන්න පටන් ගන්න වේදනාව නම් විස්තර කරන්න තේරෙන්නේ නෑ....!

ඊයේ රෑ....! මතක් වෙද්දිත් මගේ ඇගේ හිරිගඩු පිපෙනවා....ඊටත් වඩා මට තියෙන්නේ දැන් එයාට මූණ දෙන්නේ කොහොමද කියන එක ගැන ලැජ්ජාවක්, මොකද....ඒක තමයි මගේ පලවෙනි වතාව....හාදුවකට එහා ගිය පලවෙනි වතාව....ඩොක්ට' කෙනෙක් විදියට මං දන්නවා හැම කෙනෙක් ගෙම පලවෙනි වතාව ගොඩක් වේදනාකාරී වෙනවා කියන එක....ඒත් මං හිතුවේ නෑ මටත් ඒක මෙච්චරටම අමාරු වෙයි කියලා....
නෑ ඇත්තටම කිව්වොත් මං හිතුවේ නෑ එයා එච්චර rough වෙයි කියලා....!

~ සමුද්‍ර සිහිනය ~Where stories live. Discover now