හැත්තෑ හයවන දිගහැරුම ~

572 153 154
                                    

" බාප්පි නැදිතින්න බාප්පි ඉල පායලා...
මේ බාප්පි නිසිකව ඇහෙනෝද ඔයේට...
මේ තූතිත් නැදිතලා බාප්පි නැදිතින්න බාප්පි නෝටි ලමයි තමා පත්ත පැත්තට ඉල පායනකල් දොයියන්නේ...ම්හ්ක් !අප්පත්ති බලන්නත් යන්න තියෙනවා අපිත...නැදිතින්නකෝ....!! "

වෙලාව යන්තම් හත පහු වුනා විතරයි...
කාමරේ ඇතුලෙන් ඇහෙන පොඩීගේ කෑ ගැහිල්ලේ නැවතුමක් නම් මට පේන්න තිබුණෙම නෑ....ඇත්තටම මේක නම් මගේ වැරැද්දක්...අයියාව බලන්න යන්න තියෙන හදිස්සියට මට මුලු රෑම නින්ද ගියේ නැති වෙද්දි බැරිම තැන එයාට නින්ද යනකල් ඉදලා මං ඇහැරුනා....

මගේ පාලුවට දෝණිත් මාත් එක්කම ඇහැරුනා....ඉතින් අපි ඇහැරලා ඉද්දි විසාල් ගේ පොඩි බෝම්බෙත් ඉව දැනිලා වගේ එවෙලෙම ඇහැරුනා....සරලයි සුන්දරයි....කෙටියෙන්ම කිව්වොත් ඒ ඇහැරුන වෙලේ ඉදන් පොඩීගේ ලොකුම රාජකාරිය වුනේ....එයාගේ කුම්භකර්ණ බාප්පිව නැගිට්ටවන එක....!

පොඩීගේ සද්දෙට කන් දීගෙනම දෝණිව යන්තම් උණු වතුරෙන් හෝදවලා වඩාගත්ත මං නිදිමත බේරෙන කෙල්ලවත් උස්සන් බාත්රූම් එකෙන් එලියට එද්දි,හොරාවට මංම ගිහින් ඒ පිට උඩින් ඉන්ඳෙව්ව පොඩී සමුද්‍ර ගේ අගේට තියෙන ලස්සන කන් දෙකත් එක්ක ඔට්ටු වෙන ගමන් උන්නා....අර කිව්වත් වගේ ඒ සුදු මූණට ඉර එළිය වැටිලා රතුත් වෙලා....ඒත් එයා නෙවෙයි ඇස් දෙක ඇරියේ...තියෙන  නපුරු කමට පොඩී එකා කෑ ගහලාවත් නෙවෙයි මේ මනුස්සයා නැගිටින්නේ....!

" බාන්නකෝ තූති බාප්පි හරිම නෝටි..."

" නෝටි නෙවෙයි මැණික...බාප්පි කම්මැලියෙක් වෙලා..."

කෙල්ලව ඇඳ උඩින් තිබ්බා විතරයි මාව දැක්ක පොඩී කට ඇද කරලා කේලම මගේ කනේ තිබ්බා....ඒ විතරක් නෙවෙයි පොඩි කමට මේකා මහ මිනිහෙක් වගේ බාප්පි හරිම නෝටි කියන ගමන් සමුද්‍ර ගේ ඔලුවට අතමිට මොලවලා හයේ හතරේ පාරකුත් ගැහුවා....ඒක එයාට නම් දැනෙන්නේ නැතුව ඇති ඒත් මගේ නම් ඔලුවටත් එක්ක මොකක්ද වුනා....

අඩුම තරමේ මං වත් අපේ මිනිහට එහෙම පාරක් ගහලා නෑ....හැබැයි ඒ ගුටි පාරට පින් සිද්ධ වෙන්න යන්තම් අපේ එක්කෙනා ඇගමැලි කඩන ගමන් උඩුබැලි අතට පෙරලෙද්දි එයාගේ පිට උඩ උන්නු පොඩීව ලෙස්සලා වගේ ගිහින් ඇද උඩට වැටුණා....එතකොටයි එයා දැක්කේ මාවයි දෝණිවයි මෙච්චර වෙලා එයාගේ කන් දෙක ගලවලා ගන්න දඟලපු දැන් හා පැටියෙක් වගේ ගුලි වෙලා ඉන්න පොඩීවයි....!

You've reached the end of published parts.

⏰ Last updated: 8 hours ago ⏰

Add this story to your Library to get notified about new parts!

~ සමුද්‍ර සිහිනය ~Where stories live. Discover now