පළමුවන දිගැරුම.... ,
උදේ පාන්දර හිරිකඩ වෙල්යාය මැද්දෙන් හමාන එන්නෙ... වේල්ලෙ අයිනෙ පිපුණ කැලෑ මල්වල සුවදත් අරගෙනමය... කළුවරට සරම අස්සට ගුලි උන ඇස්වලට සිංහල උළු අතරින් යන්තමට පෙනෙන රිදී පාට එළිය කීවෙම ජනෙල් පියන් ඇර කම්බිකූරු අතරින් කන්දට වැටුණ හිමිදිරි අරුණැල්ල දිහා බලන් ඉන්නටය.... ඇදෙන් නැගිට... පුරුද්දට වගේ වෙල්යායෙ සිරිය.. කන්දට වැටුණ ඉර එළිය බලන්න හිතේ තිබුණ ආසාවට ය.. මේස උඩ තිබුණ බෙලෙක් කෝප්පෙ අතට අරන් කෝප්පෙ දාරෙ දිග ඇවිදින කළු කූඹියාව පරිස්සමට ජනෙල් පඩිය උඩින් තියලා.. කට හෝදලා ජනෙල් කූරු අතරින් මිදුලට දමන්නෙ.. අවුරුදු 20ක් උන මගෙ ළමාගති තාම යෞවනයට අත්පත් කර ගන්නට නොහැකි වී ඇති නිසාය...
• තොට සිංහල තේරෙන්නැද්ද බූරුවො... උදේ පාන්දර මගෙ යකා අවුස්ස ගන්නෙ...
හ්ම්... හරිනෙ... කවුරුවත් නෙමෙයි.. මගෙ සහෝදරිය.. මට වඩා අවුරුදු දෙකක් වැඩිමල්... එ් උනාට හිතන් ඉන්නෙ අම්මා අප්පච්චිත් ඇගේ දරුවන් ලෙසය.. ටවුන් එකේ තියෙන ගාමන්ට් එකට ගියා ට ඇය එහි ප්රධානියාට පමණක් දෙවන වන බව තමයි මට නම් හිතෙන්නෙ.. ඇය නමින් නිම්සරා කුමාරි ... වයස 22යි..
+ මොකද.... මගුල... කියවන්නෙ... දවසම ඉවරයි...
• තාම ඉවර නෑ.. බලපන් මගෙ ගවුම.. තෝ මොන සිහියකින් ද ඉන්නෙ...
+ හි..... අප්පා... ඔයා හිටියද එළියෙ...
මට චුට්ටක් හිනහත් ගියා.• මනෝ ලෝකෙන් වරෙන් එළියට... මල්ලි මම හොදින් කියන්නෙ... විභාගෙ දෙවෙනි පාර ලියන්න ලෑස්තිවෙයන්...
+ අනේ... මම කීවනෙ....
අක්ක පස්සෙ ම මම කුස්සියට ගියේ... විභාගෙ නොලියන්න හේතු පහදමින්ය... අම්මා කුස්සියේ පෝරණුව අස්සෙන් එළියට එන්නෙම උදේ 8ත් පසු උනාම නිසා ඇය සොයා එන ඔ්න අයෙක් කුස්සියටම ආ යුතුය... අම්මා ලිපේ රස්නියටම වැහැරී ඇත... උදේ පාන්දර 3ට ගිනි අවුලන ලිප අම්මගෙ මහන්සියම දහනය කරමින් ගිනි ගන්නෙ ටවුමෙ කඩ දෙක තුනකටම ඉදි අප්පන් සහ වන්ඩු තම්බන්නටය....
- අප්පච්චි එනවද බලන්න දරුවො... උදේ පාන්දර රණ්ඩු තියා ගන්නැතුව.. මට උබලගෙ රණ්ඩු බේරලා ඇති වෙලා... කෙල්ලෙ උබ වැඩට යන්නැද්ද...