මගේ ඇසළ සඳ 🌕🌕🌕

200 20 2
                                    

දොළොස්වන දිගහැරුම ---------------------🌕

ආකාශ් හරි සනිපෙට නිදි... ඇසළ සද්ද නොකරම පහළට ගියේය... වෙනුරත් ධර්මත් ඇසළත් පාවටළු ගිය නිවස තුල සිනාහව එකතු කරල නිහඩතාවයට අභියෝග කර ඇත... ඇසළ වෙනුරට නිරූගෙ පවුලෙ අය ආකාශ් බලන්නට යැයි පවසමින් පැමිණ වතුපිටි වල සියල්ල අතගාගෙන යන බව කීවේය...

: මට වැඩක් නෑ ඒත් වෙනුර අයියේ ඒව මහ කැත වැඩ...

+ පොල් මුරේ බලල අපි කඩවමු ඇසළ.... ආකාශ්ට මේ ඉඩමවත් ඉතුරු වෙන්නැති වෙයි අපි කරබගෙන හිටියොත්...

- වෙනුර මහත්තයා... ගෙටම නැමිච්ච ගස් වල අතුටික කපල දාල මිදුල උදළු ගාල දැම්මනම් හරි කියල හිතුවා....

+ එ්ක හොදයි ධර්මා.... උබ වටපිටාව සුද්ද කරල දාපන්...  ගේ ඇතුලෙත් මකුළු දැල් ටික කඩල අතුගාපන්...

: මම ටික ටික සුද්ද කරා අයියේ...

+ ඇසළ ආකාශ්ව බලා ගත්තනම් ඇති.... මේ වැඩ ධර්ම බලාගත්තදෙන්....

- එ්ව මට පුළුවන්.... මම ආකාශ් මහත්තයාවත් බලා ගන්නම්, ඇසළත් බලා ගන්නම්....

+ එච්චර හරියක් ඕන නෑ... ධර්ම ගෙදර වැඩ ටික හරියට කරහන්, උයන පිහන වැඩේ අංක එක.... මොකද ධර් ආකාශ්ව බලා ගන්න ගිහින් උබට මෙහෙ ඉන්න බැරි වෙයි ....

- එ් මොකද මහත්තියා....

+ එ්කට ඇසළ ඉන්නෙ....

: වෙනුර අයිය හින්ට් පාස් කරනව...

+ ඇත්තද... උබල උයපල්ලා විජහට මටත් බඩගිනි... මම යනවා උඩට...

: හරි හරි... විනාඩි දහයයි...

ඉක්මනටම කෑම ටික පිලිවෙලක් කරල ආකාශ්ටත් කෑම බෙදාන ඇසළ යනවිට වෙනුර එක්ක ආකාශ් බර කතාවක...

: වෙනුර අයියේ මේසෙට කෑම ඇරිය... කාල ඉන්න...

+ උබ කාපන් මම පහළට යනවා...

/ බෙදාගෙන වරෙං...

: මම බෙදල ගේන්නද...

+ උබල කාපල්ලකො.... ජෝඩු දාල...

: වෙනුර අයියා.... ඇති දැන්...

+ උබට ලැජ්ජයි.... අනේ පල හොටු කොල්ලා....

මගේ ඇසළ සදWhere stories live. Discover now