මගේ ඇසළ සඳ 🌕🌕🌕
හතලිස් තෙවන දිගහැරුම ---------------------🌕
උදේම ඇසළ ඇහැරිලා අම්ම එක්ක කුස්සියට වෙලා කෑම හදන්න උදව් කලේ ගොඩක් දවසකින්... විඩෙන් විඩේ කාමරයට ඔළුව දාල බලන්නෙ ආකාශ් ඇහැරිලා ද කියලා... ආකාශ් හොදටම නිදි ඇසළ බලන් ඉන්නෙ නිදා ගත්තම ආකාශ්ගෙ හිත කොච්චර සන්සුන්ද හිතමින්... නිම්සරා පාන්දරම වැඩට යන්න ලෑස්තිය... නිම්සරා කාමරේට ආවෙ ක්‍රිම් පවුඩර් අරගන්න... ඇසළ දිහා බලන් ඉදල බැරිම තැන...
& මොනාද උබ බලන්නෙ...
: බය වෙනවනෙ මගුල...
& උබ ඔය මිනිහව මරන්ටද කල්පනාව...
: අපෝ තෝ නම් මූසල කතාවක්මයි උදේ පාන්දර කීවොත්...
& කෑ නොගහ යමන්.. එලියට...
: අක්කා තේ හදල දෙන්ටද...
& බෑ කන්න ඕන...
මේ මල්ලී....
: ඇයි.....
& උබ දැන්වත් ගෙදර වරෙන් නිතරම... මහ දුරක් නෙමෙයිනෙ... අම්මාගෙ හිත හැදෙනකන්වත්...
: සොරි අක්කෙ... මට බය හිතුන ඒකයි නොකිය හිටියේ... ඊටත් ආකාශ් ගැන කවුරුවත් දැන ගන්නවට අකැමති උනා....
& මට මහත්තයා කීව... පරිස්සමින් ඇසළ... ඔය ලොකු මිනිස්සුු මොන කරදර පටලන් ඉන්නවද දන්නෑ.. අහිංසක උබ පැටලෙන්ට එපා ඕවට...
: හ්ම්... පරිස්සම් වෙන්නම්...
අක්කා සමීර අයිය එක්ක තරහද...
& තරහත් නෑ යාළුත් නෑ...
: අනේ.... සමීර අයිය හරිම හොදයි.. එයා මං ගැන හොයල බලනවා.. උබ මගෙ මස්සිනානෙ කියන්නෙ...
& බලමුකො.. උනොත්නෙ මස්සිනා...
: නපුරුකම..... ඔයා තරහ නෑ කියල මම සමීර අයියට කීව...
& කීවනම් උබ බැදගන්...
: අම්මෝ ඊළගට සමීරත් පටලලා පදයක් හදහන්...
& ඌ කොල්ලෙක්නෙ... උබ බේරුනා...
: ඇත්තද....
& සමීරට නංගියක් හිටියනම් සෙට් කරනවා...
: මට ඕන නෑ කෙල්ලො...