හතලිස් හයවන දිගහැරුම ---------------------🌕
ඇසළ පහළටම වෙලා පාන් පෙත්තක් කෑවෙ බඩගිනි හින්ද මිසක් කෑමට පිරියක් ද නැතිවය... කදුළු පිහ පිහ කල්පනාකරමින් ඔහේ ගිල දැම්මෙ ආකාශ් නැතිව තත්පරයක්වත් ගෙවන්නට බැරිකමත් ආකාශ්ගෙ ආවතේව කිසිවක් පේවෙලා කරන්නට නොහැකි විම නිසාය... වෙනුරත් ආකාශ්ට දෙතුන් වතාවක්ම අරන් කතා නොකල නිසා ඇසළට ගත්තේ ය...
: හෙලෝ අයියෙ. ..
+ කොල්ලා...
: ඕ...
+ ආකාශ් කො ඇසළ... මං ගත්තා. .. ආන්සර් කලේ නෑ. ...
: එයාට යාළුවෙක් ඇවිත්නෙ... අපිව පේන්නෑ දැන්...
+ අකිල ද... ඇයි උබට මොනවත් කීවද...
: හ්ම්...
+ ගණන් ගන්න එපා ඕකගෙ මහ හැකර කටක් තියෙන්නෙ..
: එයා නෙමෙයි... ආකාශ්. ..
+ රණ්ඩු උනාද. ..
: නෑ... මට අල්ලපු කාමරේට යන්න කීව... මහත්තයා කියල කතා කරන්නත් කීව.. මාව ගණන් ගන්නෙත් නෑ... මට මොනවත්ම කියන්නත් නෑ...
+ හරි මං බලන්නම්.. ඇසළ කෑවද..
: කනගමන්...
+ කාල නිදා ගන්නට... ධර්ම එවී හෙට... වැඩියක් නම් මට කතා කරන්න..
: නෙළුම් අයිය මතක් කරා කියන්න....
+ ගෙදර ගියාම කියන්නම්කො... තව මං ඩිස්පෙන්සරියෙ බං...
ඇසළ හෙට උදේ කෑම නොකා ගිහින් ලේ එකක් චෙක්කරපන්... රිපෝට් එක හවසට අරං එවපන්..
: අනේ ඕව ඕන නෑ...
+ කීව දේ කරපන්... අනේ පනේ ගානව මොනව හරි කීවම...
: හරි හරි... ලේ චෙක් කරල මොනව බලන්නද..
+ උබ බඩ වෙලාද කියල...
: අම්මෝ... දැන්නම් කලන්තේ වගේ. .. වැන්දබුවක් වෙන සීන් එකක් තියෙන්නෙ දැන්... තව දරුවෙකුත්ළු..
+ අප්පට සිරි... උබට එච්චරට වෙනස්කන්ද.....
: හ්ම්...
+ ආකාශ්ට කියපන් මට ගන්න කියල...
කාපන් හොදට ඔය කටු වැහෙන්ට...: මොන කටුද...