මගේ ඇසළ සඳ 🌕🌕🌕
විසිවන දිගහැරුම ---------------------🌕
අචින්ත ධර්ම ගෙනාව තේ එකත් අරන් ඉදගන්නකොට ඇසළ කිසිම ගාණක් නොමැතිව කුස්සියට ගිහින් කෑම එකක් බෙදාන ආවෙ ආකාශ්ට...
: කන්න ඉක්මනට මම යන්ට ඕන...
/ බෑ ඇසළ දැන්...
: අනේ මේ මම ගෙදර ඉදන් ආවා.. එ්කට වත් කන්න...
/ ඇසළ කාලද.. අචින්ත මල්ලි කාලද... මුගෙ කලබලේට එ් කොල්ල බඩගින්නෙද එක්ක ආවෙ...
: අචින්ත උබ කනව ද බං...
- උබ දන්නවනෙ මම හත වෙනකොට කනව කියල...
මට දැන් සීතලෙ බයිසිකලේ පාගලා මේ තේ එක තමා සෙට් වෙන්නෙ..+ යකෝ මම කෑවද අහන්න එකෙක් නෑ
/ මුගෙ නාඩගම් බල බල ඉදල මම බඩගින්නෙ.. තොපිට මගුල් විසේ ගහපුවම යාළුවා මතක නෑ..
- අන්න හරි අයියා...
: එ් අචින්තයා උබ මගෙ බොක්ක.. තෝත් වෙනුරයිට එකතු උනා නේද...
අචින්ත කිසිවක් නොකියා සිනාසුනේ ඇසළ ආකාශ්ට බත් කවන විදිහ බලාගෙනය..
: ඇයි...
- ඉස්සර උබට මම කැව්වෙ නැත්තන් කෑමත් පැත්තක තියලා දගලන්නෙ... එහෙව් උබ මං ඉස්සරහ බත් කවනව....
අචින්ත බර කරල කියද්දි ආකාශ්ට තේරුනේ ඇසළ ආකාශ් ළග අයිතිවාසිකම්පානකොට යහළුවා විදිහට අචින්තට තිබෙන අයිතිය බෙදා ගන්නට සූදානම් නැති බවයි..
/ මේකනෙ මල්ලි.. මූ මට තාත්ත වගේ සැර දාල හෙන පොර වගේ හිටියට... උබ ගාව මූ හිතේ හැටියට ඉන්න එකානෙ... එතකොට එ්ම තමයි... නැද්ද වෙනුර..
: අනේද කියන්නෙ... මූ මගෙ යාළුවා කියනවට මට ගහන්න ඔ්න...
• දවසක් ආකාශ් මාත්තියා ඔමම නෙළුම් මාත්තියට කීව තමා...
: ආ බලන් ගියාම ඔක්කොම එකයි... ඇසළත් ධර්මත් හිනා වන විට අචින්තත් ඊට හවුල් වීම ආකාශ්ට සහනයක් ගෙනාව... එ් නිසාම හිර වෙලා තිබුණ සුසුමක් නොදැනීම සුළගට මුසු උනා...
ඇසළට එය දැනුන නිසාදෝ... ඇස් වලින් ඉගිමරල මොකෝ අහද්දි... ආකාශ් ඇසළගෙ දිහ නිහඩවම බලන් හිටියෙ මුකුත් නෑ කියල මුමුණන ගමන්....