මගේ ඇසළ සඳ 🌕🌕🌕

92 9 0
                                    

මගේ ඇසළ සඳ 🌕🌕🌕

තිස් තුන්වන දිගහැරුම ---------------------🌕

ඇසළට ඔළුව හරි බරයි වගේ...  ආකාශ්ගෙ රියට ඉටු කරපු ඇසළට අමතක උන තමන්ව හරි පාරට ගේන්නට කාලෙ හරි... ඒත් පටන් ගන්න ඕන උනත් මේ සුවිශල් මැදුරෙන් එලියට ඇසළ කියන්නෙ ගමේ කොල්ලෙක් විතරයි...  ඇසළට මහා ලොකු හීන නෑ... ඒත් ආකාශ් පෙන්වන්න හදන්නේ ඇසළට හිතන්නටවත් බැරි හීනයක්... ඇසළගෙ කල්පනාව ගිලිහුනේ ආකාශ්ගෙ හඩට...

/ සද.... මොකද ඔය...

: අනෙ දෙවියනේ...

ඇසල හීටර් ජග් එකට වතුර පුරවන්න ගත්තත් කල්පනාවක දුර නිසාම උතුරා පිටාර ගලනවා දන්නේ නෑ

/ වතුර අයින් කරල වේලෙන්න තියන්න... ස්වීච් එක දාන්න එපා... අඩියට වතුර යන්න ඇති...

: ඔව්... අනේ මන්ද...

/ ඇසළ... උණුවතුර ඕන නෑ ඇල්වතුර බොමු... යන් කන්න.. අද කවන්නෙ මම.. යමු...

: දෙන්නම කමු ආකාශ් වෙලාවත් පහුවෙලා...

/ එක බත් එකක් බෙදන්න දෙන්නම කමු ඒකෙන්..

ආකාශ්ටත් තේරුනා‌ ඇසළට ආකාශ්ගෙ වගකීමයි තමන්ගැන වගකීමයි ගෙදර වැඩයි අස්සෙ හිරවෙලා කියල.. එ් නිසාම ඇසළට කවන්න ආකාශ්ට ඕන උනා...

ආකාශ් කට අරින්න කියනවට කට අරිනව...

/ ඇසළ උබට මං පණුවෙක් වගේ පේනවද..

: ආ.... මොකෙක් ද..

/ පණුවෙක් පණුවෙක්...

: කන වෙලාවට තමයි ඔයාට ඔ්ව මතක් වෙන්නෙ..

/ මම නිකන් බණ්ඩක්කා වල හිටපු පණුවෙක් ද කොහෙදො...

: අයියො මන්ද ඔයත් හිතන එ්ව...

/ බලපන්... මාස කීයක් කනවද... ඇති වෙලා බං... උබටත් වෙලාවක් නෑ තුන්වේලම බණ්ඩක්කා...

: ඔයාට ගුණ දේනෙ...

/ මේම ලුණු මිරිස් දාල නම් කටක් හරි කන්න පුළුවන්.. ස්ටීම් කරලනම් එපා බං... අප්පිරියයි..

: මේ සද්ද බෑ... හදල දෙන දේ කන්න... එච්චරයි

/ උබට මොකද.. රෑට විතරක් හදපන් ආය උදේටවත් දවල්ටත් එපා...

මගේ ඇසළ සදWhere stories live. Discover now