හතලිස් පස්වන දිගහැරුම ---------------------🌕
ඇසළ හවස් වෙනතුරුම තනියම පහළට වෙලා පොඩි පොඩි වැඩ කලේය... ඇගට එ් හැටි හොදකුත් නැති එකේ කුස්සියේ මුල්ලට වෙන්ට තියෙන පුංචි මේසෙ ඔළුව තියන් ඇස්පියා ගත්තේය... ආකාශ් දෙතුන් වතාවක්ම කතා කලත් සුද්දයක් නැති නිසා ආකාශ්ගෙ හිත තිගැස්සී ගියේ මූණ මෙරිකරන් රව රව ඉදල නොකිය කොහෙ අතුරුදහන් වෙලාද හිතුන නිසාය...
/ අකිල චුට්ටක් පහලට ගිහින් බලහන්කො ඇසළ ඉන්නවද කියල..
& ඌ කොහෙ යන්ටද... ඇති බං...
ආකාශ්ට බලකරන්නත් බෑ... ඇසළ සද්ද නැති නිසා හිතටත් බයයි...
/ අසනීපෙන් බං හිටියෙ... බලහන්...
& උබත්... අප්පච්චීට හපන් වැඩකරන උන් කරට ගන්නවා...
/ බැනහන් බං ඇසළ ඉන්නවද බලල...
& මොකද්ද නම කීවෙ...
/ ඇසළ...
අකිල ආකාශ් කියවන නිසාම පහලට ආවේය... ඇසළට නින්ද ගිහින්...
& එ්.. නැගිටහන්... ඇහැළ...
ඇසළ ඇස් හීනි කර යන්තමට ඔළුව උස්සලා බැළුවෙ සද්දෙටය...
& අරෙ මහත්තයා හොයනවා.... උබ නිදියපන්...
අනේ මන්ද උබට අසනීපයක් නම් පෙන්ඩොල් පෙත්තක් බීපන්...: මහත්තයා යන්ට මම එන්නම්..
& යනව තමයි... හිතුවද වඩම්මගෙන යන්න ආව කියල...
ඇසළ කටත් ඇරන් අකිල යන දිහා බලන් හිටියේ මට මේ ඉන්ට බැරිව ඉන්නව තව මේකගෙ පණ්ඩිතකතා අහන්ටත් ඕන... ඇසළ තරහට ආයෙත් නිදා ගෙන පැය භාගයක් විතර ඉදලම ආකාශ්ව බලන්නට ගියේ ය...
/ ඇසළ කොහෙද හිටියේ. ..
: පහළ මහත්තයා නින්ද ගියා මට...
/ අඩුවක් නැද්ද... බෙහෙත් ගන්න වෙයි ද...
: ඕන නෑ... තව ටිකකින් පෙන්ඩෝල් බොනව
/ ඇසළ රෑට පාන් ගමුද... ඔයාට උයන්නත් බෑනෙ...
: හ්ම්...
& උබ බකමූණෙක්ද.. කටක් තියනවනේ. ..
/ අකිල... උබගෙ වැඩක් කරගන්.. උබ උස්සන් ඉන්නවද..