මගේ ඇසළ සඳ 🌕🌕🌕

86 13 11
                                    

මගේ ඇසළ සඳ 🌕🌕🌕

තිස් දෙවන දිගහැරුම ---------------------🌕

දවසම මහන්සියට ඇසළට තිබුණ වේදනාවටත් ඇසළ ආකාශ් අස්සටම ගිහින් නිදි... පහුවදා ආකාශ්ට කලින් ඇහැරුණ නිසා ඇසළව ඇහැරෙව්වෙ උදේට පිස්ස වගෙ නටන නිසාමය... ආකාශ්ට උදෙන්ම කම්මුලට හාදුවක් දීලම ඇසළ වොෂ්රූම් ගිහින් පහළට යන්නට සූදානම් විය...

: ආකාශ් එනවද පහළට යන්න...

/ බෑ ඇසළ මං නිදියනව ඔයා වැඩ ඉවරකරගන්න... පැයකින් විතර ඇහැරින්නම්...

ආකාශ්ට නිදි මතක් නොතිබ්බත් ඇසළ ආකාශ් නිදි නැත්තන් හොයා බලන්න වෙහෙසන නිසාම නිදහසෙ වැඩ ටික කරගන්නට සිතා ආකාශ් එසේ කීවේය... ඇසළ යනකන් ඉදල ඇසළගෙ කොට්ටය  තුරුළු කරගත්තෙ ඇසළට තේරුම් කරල දිය යුතු බොහෝ දේ ආකාශ් ඇසළගෙ හැසිරීමෙන් දැකපු නිසාය..

ඇසළ පැයට උදේ කන්න බත් උයල බණ්ඩක්කා තෙල්දාල බිත්තර තම්බල පොල් සම්බෝලයකුත් හදල තියල ආකාශ්ටත් තේ හදන් ඇසළගෙ තේ එකත් අරගෙනම කාමරයට යනකොට ආකාශ් ඇහැරගෙන ඇසළගෙ කොට්ටෙ තුරුළු කරන් ලැප් එකේ...

: හරි ෂෝක් නිදන් ඉන්න අපුරුව....

ඇසළ හිනාවෙවී කියද්දී ආකාශ් හිනා උනේ පුංචි එකෙක් වගේ...

: වොෂ් රූම් යන් තේ එක නිවෙයි... නැත්තන්..

/ තේ බීල යන්...

: චික් කටහෝදලත් නෑ... මෙන්ම මෙහෙ එනව කම්මැලියා...

/ ඇසළ තේ බීල ඉන්නකො.. මට මේ වැඩේ චුට්ටක් තියෙනවා...

: තියන්න පැත්තකින් මම බොන්නෑ කීවනෙ...

/ යමන් යමන්.... උබට මාව හෝදවන්න ආසාවනෙ...

: ඔව්... ඔව්... මම දැකල නෑනෙ...

ඇසළගෙන් බේරෙන්න බැරි නිසාම ආකාශ් වොෂ්රූම් ගිහින් ඇදුම් මාරු කරගත්තෙය...

/ සද ඔයත් එක්ක කතා කරන්න ඕන..

: සද බැහැල ගිහින් අර එලිය වැටිලා. ..

/ දවල්ටත් සද තියෙනව හරිද...

: තියෙනව පේන්නෑනෙ...

/ මෝඩ ඇසළ... අහසෙ හැංගෙන්න තැන් තියෙනවද... උබට හැංගෙන්න වෙන්නෙ මගෙ අස්සෙම තමයි...

මගේ ඇසළ සදWhere stories live. Discover now