මගේ ඇසළ සඳ 🌕🌕🌕

189 22 3
                                    

මගේ ඇසළ සඳ 🌕🌕🌕

දහහත්වන දිගහැරුම ---------------------🌕

ඇසළ කාලය ගෙවෙන හැම තත්පරයම ආකාශ් පේන මානයෙන් දුරස් වන්නේම නැත... ධර්මට හිටි ගමන් උදව්වක් කරන්න විතරක් ඇසළ පහළට යන්නේ දුකට  සැපට ඉන්න එකම එකා නිසාත් ඇසළ පහලට නොපැමිණීම ගැන ධර්ම විහිළු කරන නිසාත්ය....
එහෙම වෙලාවට...

- ඇසළ මාත්තියා  පහලට ආවෙ තේ ඕන වෙලාද...

: ධර්ම මේ උබට කියන්නෑ මම.... ගහනව දැන ගනින්  මාත්තියා කෑලි දැම්මොත්...

- ආකාශ් මාත්තියා ඇසළටත් මාත්තියා කියනව ඇහුනා..

: අනේ එයාගෙ විකාර....

- ආව්.... ආව්...

: පල යන්ට.... තෝ මොකටද කන්දෙන්නෙ...

- ඇසළ ගෙදර යනවා කීවෙ... කවද්ද....

: අක්ක කෝල් කරනව බං.. ආවත් ගියේම නෑ...කතා කරල ශේප් වෙනවා...

- ළග නිසා දන්නවත් ඇති දැන් ඇසළ මාත්තියාලගෙ ගෙදර කියල...

: නෑ ධර්ම එහෙනම් අප්පච්චී පැයක් යන්න කලින් මෙහෙ මිදුලෙ...

- එ්කත් හරි අප්පා ...

: මම යන දවසට එනකන් මහත්තයාව බලාගන්න ධර්ම...

- යන්න කලින් කියන්න වෙනුර මාත්තියා එනවා කීව... සුදේශ් රණ්ඩුවට එනවා කීව තමා ඇසළ...

: මාර මිනිස්සු නිරූ අක්කා එන්නෙම නෑ.. මට එයාව දැක්කත් අප්පිරියයි...

- ආකාශ් මාත්තියා ලොකු හාමුව මතක් කරල දානෙ දෙනව කීව...

: ඊට කලින් මම ගිහින් එන්නම් ධර්ම

සති අන්තයට ගෙදර යන්න ඕනි... මහත්තයා නැතුව ඉන්න තරම් හිත හයිය නෑ... අම්ම අප්පච්චී අක්ක විතරක් නෙමෙයි දුකට සැපට හිටිය අචින්තයා මට දෙහි කපනව දැකපු ගමන්... ආකාශ් මහත්තයාගෙ කකුලෙ බැන්ඩේජ් කපන්න තව ටික දවසක් තියෙන එකේ එ් දවස් ටිකත් ඉදලම කියනවා.. කෝම උනත් මට රස්සාවෙන් ලැබෙන පඩියට වඩා වෙනුර අයිය දෙනවා... ඊටත් මට මොන වියදමක්ද... ගෙදරට සල්ලි ටිකක් දීලම එනවා... අප්පච්චීට පොහොර ගන්නත් ඔ්න කීවනෙ... නින්ද අහලකවත් නැති නිසා ආකාශ් මහත්තයා බලන්න යන්න හැදුවෙ.. ධර්ම කටත් අරන් නිදි.. මූ වෙලාවට නිදි නැත්තන් රෑට රෑට අල්ලපු කාමරේට යනවා කියල මාව ලැජ්ජ කරලම නැති කරනව...

මගේ ඇසළ සදWhere stories live. Discover now