මගේ ඇසළ සඳ 🌕🌕🌕
දහ හතහවන දිගහැරුම ---------------------🌕
පාන්දරම ඇහැරුණේ ධර්මත් ඇසළත් බෙල් තියාගෙනම කලින් දිනයේ නින්දට ගියේ.. උදේන්ම පොල් මුදලාලි එන බව පවසා වෙනුර පණිවිඩයක් එවා තිබූනිසාය.. එ් නිසාම ධර්ම දවල්ටත් එක්කම ආහාර පිලියෙල කලේය.. ධර්මටත් උදව් කරල ගේ ඇතුල පිරිසිදු කලේ ඇසළය... උදේ හතවන විට ධර්ම මිදුලත් අතුගාල දැම්මේය... එ් වෙනකොටත් පොල් මුදලාලි පැමිණ වත්තටම ලොරිය දැම්මෙ ය.. පොල් කඩන්නටත්, ඇහිදින්නටත් පස් දෙනෙක් කැදවාගෙන ඇවිත් සිටි අතර ඔවුන් මේ පළාතේ නොවන බවට විශ්වාසය...: ආකාශ් මහත්තයා නැගිටින් නැද්ද අද...
/ ඇහැරලා ඉන්නෙ... තව ටිකක් ඉන්නම් ඇසළ...
: අද නම් බැරි වෙයි.... නැගිටින්න...
/ උබ නම් මගෙ හතුරෙක් බං....
: එ්කට කමක් නෑ .... ලැස්ති වෙලා කාල බීල, බෙහෙත් ටිකත් බොමු ...පහළට යමු...
/ අර මුදලාලිලා ආවද ...
: ඔව් ධර්ම එතන....
/ එ් නම් නැගිටිමු නේ...
ඇසළ ආකාශ් ගෙ වැඩ කටයුතු ඉවර කරල ධර්මට කතා කලේ ආකාශ් ව පහළට ගැනීමටය... කෑම මේසයට ඇරලා ආකාශ්ව පහළට ගන්නට ධර්මත් දුවගෙන ආවේය...
/ මම ගියා කියල බලන් ඉන්න එක විතරනෙ ඇසළ...
- ඇයි අප්පා මාත්තියා බලන් ඉන්නකොට තමා ගැම්ම...
/ පිස්සු උබල දෙන්නට....
: ආකාශ් මහත්තයා ඉන්නකොට තමයි හොද... නැත්තන් උන් අපිට සද්ද දානව...
/ එ්ක තමයි උබල...
ඇසළට ඔ්න උනේ ආකාශ්ව නැවතත් බිස්නස් වලට උනන්දු කරවන්න සහ බොහෝ දෙනා ආකාශ් අසනීප නිසා බිස්නස් හිතූ හැටියට කරන් යන්නෙ සියළු පාඩු ආකාශ්ටත් ලාභ ඔවුනටත් ලෙස බෙදී යන්නටය... ආකාශ් හොදින් සිටිනව දැකීමෙන් ඔවුන්ට එවැනි අසාධාරණකම් වලට යම්තාක් දුරකට වැට බැදෙනු ඇතැයි විශ්වාස කලේය... මේ සියල්ල අතර ආකාශ් ට මතකය ලබා ගැනිමට රුකුලක් වනු ඇතැයි ඇසළ සිතුවේය... පරණ ජිවිතයට ටික ටික හුරුවිය යුතුයි හැමදම මේ ගේ ඇතුලෙ ආකාශ් මහත්තයා ඉදල බෑ... ඇසළ ධර්මත් එක්ක පෙරදින රාත්රියේ එ් ගැන කතා කලේය... ආකාශ් අදිමදි කරද්දිත් ඇසළත් ධර්මත් බලෙන්ම මිදුලට එක්කරගෙන ගියේය...