මගේ ඇසළ සඳ 🌕🌕🌕
පනස් හතරවන දිගහැරුම ---------------------🌕
හැමදේම සන්සුන් වෙන්න හිතාන ඇසළ රේඩියෝ එක ඔන්කලේ බෝධි වන්දනාවට සවන් දෙන්නටය.. අකිලත් නාගන්න ගිය නිසා ධර්ම එක්ක කුස්සියට වෙලා හිටියෙ ධර්මගෙ මස්සිනාගෙ වර්ණාව අහගෙනය... ආකාශ් පුටුවෙම නිදා ගනිද්දි.. ධර්මට තියන්න කියපු ඒකනායක මහත්තයාගෙ පින්තූරේ ඇසළට මතක් උනේය.. ඇසළ තේ එකත් තියල ගිහින් පොටො එක අතට ගත්තේ ය..
: අප්පච්චී.. මම ඒම කීවට තරහින්ද මහත්තයා. .. කමක් නෑ නේද අප්පච්චී කීවට..
අප්පච්චී ගොඩාරියක් පින් ආකාශ්ව ආදරෙන් බලාගත්තට.. දැන දැනත් අප්පච්චී තමන්ගෙම ලෙයින් උපන් දරුවෙක්ට වගේම ආදරේ දුන්නට.. අප්පච්චී මං පොරොන්දු වෙනව කවමදාකවත් ඔයාගෙ පුතාව තනිකරන්නෑ කියල.. මට පුළුවන් විදිහට එයාව බලාගන්නව කියල.. අප්පච්චී ඔයත් හිටියනම් මං ඔයාව කෝම හරි කැමති කරග්නනවා.. ආකාශ් ගොඩාරියක් ආදරේ අප්පච්චීට. ..
කන ගාවින්ම කැඩිච්ච සිංහල කතාව ඇහෙද්දි ඇසළ ගැස්සිලා ගියේය..
- ඇසළ.. පයිත්තියන්ද ඩා... මුරුගා මම බය උනා තමා..
: මං මේ...
ඇසළට ටිකක් ලැජ්ජ හිතුන තනියම කතා කරනව දැක්ක නිසා
ධර්ම බලෙන්ම පොටො එක මේසෙ උඩ තියල ඇසළගෙ නලලට අතත් තබා බැළුවෙ උණක්වත්ද කියල..
: ඇයි යකො..
- උබ මැරුණු උන්ට කතා කරල වැරැද්දක් තමා කරනවා..
: මං නිකන් කතා කලේ. . උබ මොන මගුලක් ද කියන්නෙ. ..
- ආපහු එනව තමා.. අප්ප තමා.. එ් උනාට මැරිලනෙ ඩා...
: වර යන්ට උබත් එක්ක ඉන්නවට මට නූල් බදින්ට වෙනව සුවර් එකටම..
- ඇසළයො...
: එ පාර මොකද. ..
- උබ පහළ තමා අද..
: අප්පට සිරි උබ උඩ තනියම... අප්පච්චී ධර්ම තනියම අප්පච්චී. ..
ධර්ම මූණත් ඇද කරගද්දි.. ඇසළ හූවකුත් තියන් මිදුලටම දිව්වෙය.. මිදුලට දිව්වට මොකද.. වැහි මන්දාරම එක්්ක මිදුමත් ගලල පොල් වත්ත කෙලවර යන්තමට පේන සේයාවන් අස්සෙ ගහක අත්තක් හෙලඋනත් ඇසළට හිත ගැස්සිලා ගියාම ඇගට නොදෙන්න ආයෙත් ගෙට ආවේය..