මගේ ඇසළ සඳ 🌕🌕🌕

85 9 9
                                    


පනස් දෙවන දිගහැරුම ---------------------🌕

ආකාශ් අකිලගෙ උඩ ඇදේ යාළුවා උනේ හත වසරෙදි... එදා අකිල ආකාශ්ව දැක්කෙ යන්තමට හිනාවෙන උවමනාම දේකට හරිම කෙටියෙන් කතා කරන වැඩිපුරම ඈත බලන් කල්පනා කරන පොත් අස්සෙ ඔළුව හිරකරන් ඉන්න චුට්ටක් විතර තරහ ගන්න හරි උණුසුම් ළමයෙක්.. නම වගේම හරි නිහඩ ගුප්ත බවක් වගේම පැහැදිලි සරල බවකුත් ආකාශ් ළග තිබුණා.. අකිලට තමන්ගෙ රෙදි ටික පවා තනියම හෝදගන්න බැරි වෙනකොට... ආකාශ් හරිම පිලිවෙලට ලස්සනට ඒ දේවල් කරගත්ත.. එදා ඉදන්ම ආකාශ් පන්තියෙ කැපී පෙනුනෙ අහංකාර වගේම තැනට සුදුසු නුවණැති බුද්ධිමත් දරුවෙක් ලෙස... 

අකිලට පුංචි කාලෙ ඉදන්ම ගෙදර තීරණ නීති එක්ක දරුවෙක්ගෙ නිදහස ළමා කාලය බැද දාපු අප්පච්චීගෙ වේවැල සැරට ගැස්සෙන අයුරු හීනෙන් දැක්කත් වෙව්ලන හැම වෙලාවකම හිර වෙලා ජීවත් උන හිර කාරයෙක්... ඒ හිර ගෙදර ආකාශ් කියන සිතුවිල්ලත් මාංචු දාල ජීවිතාන්තය දක්වාම සිරගත කරන්නට සිදු වන්නේ හැම තීරණයක්ම අප්පච්චී ඉස්සරහ සුන්වෙලා යන හීනයක් නිසාය...

ආකාශ් යාළුවා උනත් අඩුවෙන්ම කතා කරන චරිතයක්... අකිල කතා කරන එකටත් වැට බැන්දෙ ගෙදරින්... ඉස්කෝලේ  මාපිය වන්දනා වැඩ සටහනට හැම දරුවෙක්ගෙම දෙමාපියො එක්කෙනෙක් හරි එද්දි කවුරුවත්ම නොආවෙ අකිලගෙත් ආකාශ්ගෙත්.. හැමෝම ටුවින්ස්ල කියල හිතන් ඉන්න නිසා එකම අම්මටයි තාත්තටයි නොසැහෙන්න බැන්න... එ් වගේ දවසටත් රාජකාරිය දේවකාරිය කරගෙන දරුවන්ගේ  දේවල් මග  අරිනවාට... "එ්.. එ්කනායක... " හැමෝටම පැටලෙන නම් දෙකක් උනා... අකිල එ්කනායකත්, ආකාශ් එ්කනායකත්... එකම පංතියෙ හොදම යාළුවො දෙන්න... වෙනුර පන්තිය පහල තට්ට‌ුවෙ... එ්ත් ආකාශ් වෙන‌ුර බලන්න යන්න පටන් ගත්තම අකිල තවත් නිශ්ශබ්ද උනා... අකිල බලන් හිටිය හැමදම අකිල එක්කවත් හරියට හිනා නොවෙන ආකාශ් වෙන‌ුරගෙ කියවිල්ලට හිනා වෙනවා.. නමය වසර අවසන් වෙනකොට වෙනුර බත් එක පවා බෙදා ගන්න තරමට එකතු උනා.. අකිල නොදන්න එ් යාළුකම අකිලට නොසැහෙන්න රිද්ද‌ුවා... සාමාන්‍ය පෙළ සමත් වෙලා උසස් පෙලට විශයන් තෝරද්දි... අකිලට ඔ්න උනා බයෝ කරන්න... එ් වෛද්‍යවරයෙක් වෙන සිහිනයට පාර තනා ගන්න... එ්ත් වැඩිමල් සහෝදරයගෙ ආසාවට ඉඩ දීල අප්පච්චී ගත්ත තීරණය ගැන පස‌ුතැවුන විතරක්ම නෙවෙයි අකිලට කලා හෝ වානිජ විශයන් තෝරගන්්නට බලකරන්නත් හේත‌ුවක් උනා.. අප්පච්චී දන්නවා බයෝ කරල මෙඩිසින් ගියොත් පොලිස් සේවයට බැදිමට අකමැති වන්නට ලොකුම හේත‌උව බවට එය පත් වෙනව කියල... අයියගෙ ගැලව‌ුන්කාරයා උනේම මෙඩිසින් සිලෙක්ට් වීමය.. 

මගේ ඇසළ සදWhere stories live. Discover now