මගේ ඇසළ සඳ 🌕🌕🌕

86 9 3
                                    

මගේ ඇසළ සඳ 🌕🌕🌕

හතලිස් නමවන දිගහැරුම ---------------------🌕

ඇසළ ආසාවෙන් ගෙට ගොඩ උනේ අම්ම හදල එවපු ඉදි ආප්ප කන්නටය... ආකාශ් කොච්චර නෑ කීවත් ඇසළගෙ හිත පිලිනොගත්තේ මහා පර්වතයක්  පපුව මැදට පෙරලිලා ඇවිත් වැනි හැගීමක් තදින්ම දැනෙද්දිය... ඇසළ තොල්පටත් හපන් මූණත් මෙරිකරන් කෑම ටික මේසෙට යැව්වෙ ආකාශ් දිහාවත් අකිල දිහාවත් නොබලමිනි....
අකිලටත් උන දේ නිසා හිත රිදුනේ ඇසළ ගැන තරහක් මතු උවත් කොල්ලෙක් අඩනකොට ඒ හැගීම් පරිසරයම කාන්දුකරගන්නා රිදුමක් වූ බැවිනි... ඇසළ දිහා අකිල බලන් ඉදල...

& ආකාශ්... මේ ළමයා... මාත් එක්ක මාර තරහකින්නෙ බං ඉන්නේ..

/ නෑ... එයාගෙ හැටි...

& උබ නොකීවට මූ උබට පණ ඇරලා.... මං මුගෙ ඇස් දෙක දැක්කනෙ...

/ එයාට තරහ ගිය නිසා...

& තරහ යනවා අපිටත්.. ඒත් උබට කියන්න ඒ වෙලාවෙ මූ අතෙ පිහියක් වගේ දෙයක් තිබ්බනම් මාව මරනවා... සුවර්... ඊටත් එක පාරක් ඇණල නිකන් ඉන්නෑ දහ දොලොස්වතාවක්වත් අනිනව..

/ පිස්ස‌ුද බං මේ අහිංසකයා...

& උබට ඉතින්... කියල බෑනෙ... මට හැරෙනකොට කියන්න පුළුවන්... ඔහොම ආවේගෙට කීදෙනෙක් මිනීමරුවො වෙලා තියෙනවද... උන‌්ගෙ කතාවත් අහප‌ුවම උන් හරි අහිංසකයි...

/ ඕක ඇහුනොත් මෙතන ඩෙගානටල නතරකරන්නෙ..කටවහන් ඉදහන්... උබල මිනීමරුවෝ හොයන්නෙ අහිංසකයන්ගෙන්... රටෙ නම ගියපු උන් කොච්චර ඉන්නවද අල්ලපල්ලකො..

& උබට මල පැනල මොකද ඒපාර..

ඇසළ උඩට ගිහින් පහලට එනකොට අකිල ආකාශ්ට ඇසළ එනවග පෙන්නුවෙ ඇස්දෙකින්ය... ආකාශ් බලද්දී අතෙ ආකාශ්ගෙ ටී ෂර්ට් එකක් අරන් ළගට ආවෙය.. තාමත් ඇසළගෙ ඇස් පිහාටු එකට වෙලා තෙතට.. අකිලත් බලන් හිටියේ මූණ මෙරිකරන් ඉන්න ඇසළ දිහා...

: ගලවන්න ඔය ෂර්ට් එක...

/ ඇයි මේක හොදයි..

: අත් පොඩි වෙලා.. ඊටත් පිලිවෙලට අදින්න දන්නැත්තන් එනකන් ඉන්ට ඔ්න. ..

ආකාශ්ට කතා කරනවට වඩා ශර්ට් එක ගලවන එක ඇගට හොද නිසා ඉක්මනටම ගලවා ඇසළට දුන්නේය..

මගේ ඇසළ සදWhere stories live. Discover now