ƈԋαρƚҽɾ 12

1K 158 24
                                    

හසරැල් ගිහින් විනාඩි කීපෙකට පස්සෙ මාත් රූම් එකෙන් එලියට ගියා..

ගෞරි ඇවිත් ඉඳපු කස්ටමර් කෙනෙක් එක්ක නෝට්බුක් එකකුත් අතේ තියාගෙන මොනවද නෝට් කරගන්න ගමන් කතාවක..

මගෙ ඇස් ගියෙ හසරැල්ව හොයාගෙන.. ඇවිත් ඉඳපු තව ගර්ල් කෙනෙක් එක්ක මල් වගයක් පෙන්න පෙන්න මොනවද කියෝනවා.... ටිකකින් අර කස්ටමර් යන්න ගියාම ගෞරි මගෙ ලඟට ඇවිත් කතා කරා..

" කීයටද ආවෙ නුවේද්.. ? "

" ම්ම්ම්... පැය බාගයක් වගේ... කොහෙද ගියෙ? මං එද්දි හිටියෙ නෑනෙ..? "

" අයියගෙ පොඩි එකාව ගන්න ගියා බං... මේ ළගනෙ මොන්ටිසෝරිය. අරගෙන ගෙදරට දාල ආවා..අද  තාත්තා නෑ වෙනදට එයානෙ එක්කන් එන්නෙ.... අම්මව බස් වල යවන්නත් බෑ... දැන් ඉතින් හසරැල් ඉන්න නිසා අවුලකුත් නෑනෙ... "

" මරු ගෝලයා.. මං එනකොට හොඳ නැටුමක් නට නට හිටියෙ..."

" නැටුමක්? උබ ආපු ගමන් හසරැල්ව අවුස්සගත්තද ? "

ඔය සාකච්ඡාව යන අතරෙ අපි දෙන්නගෙම ඇස් තිබ්බෙ හසරැල් දිහාවට.. කලු පාට ඒප්‍රන් එකේ දකුණු පැත්තෙ පොකට් එක ඇතුලට අතකුත් දාගෙන අනිත් අතින් කොන්ඩෙත් පිටිපස්සට කරන ගමන් අර කෙල්ල එක්ක බර කතාවක... හැබැයි එයාගෙ ඇස් තිබ්බෙ මල් අතරෙ එහෙට මෙහෙට යන ගමන්.. ඒ උනාට අර ගෑනු ලමයගෙ ඇස් නම් හසරැල්ගෙ මූණෙ නැවතිලා..

" මොනව කියවනවද මන්දා ඔච්චර..."

ඒ දිහා බලන් ඉඳලා මගෙ කටින් පැනපු වචන ටික තමයි ඒ...

" හුරතල් පාටයි නේ...? "

" අනේ.. ඒකගෙ මොන හුරතලයක්ද... බෝම්බයක්නෙ හලෝ.. පුපුරන්න බලන් ඉන්නෙ.."

ගෞරි කියපු කාරණාවට සීයට දාහක්ම එකඟ වෙන්න පුලුවන් කම තියෙද්දිත් මම ඒක එක හෙලාම ප්‍රතික්ෂේප කරලා දැම්මෙ ඇයි කියන්නවත් මං දන්නෙ නෑ.. මේක නම් දැන් ඕනාවට වැඩි වේගෙනයි එන්නෙ.. අද එලියට බැහැපු වෙලාවෙ මොකක් හරි අවුලක් තියෙනවා..

" මොනවද ගොනෝ කියවන්නෙ.. මං කිව්වෙ අර කෙල්ල ගැන.."

හරිනෙ අමාරුව.. වැලලියන් දැන්....

සුළඟ නුඹWhere stories live. Discover now