ƈԋαρƚҽɾ 19

979 151 40
                                    

ටික දුරක් යනකන් සුදූ කිසිම දෙයක් කතා කරේ නෑ.. විහිලුවක් කරන්න තරම් මූඩ් එකක් මට තිබුනෙත් නෑ..

සුදූගෙ මූඩ් ෆික්ස් කරන බෙහෙත උනේ ස්වීට්ස්.. කෙල්ලන්ගෙ හැටිනෙ ඔය.. චොක්ලට් කිව්වොත් ඊට වඩා දෙයක් නෑ.. ශශියා එන එන සැරේට, එක්කෝ මාව හම්බෙන සැරේට ස්වීට්ස් බෑග් එකක් උස්සන් එනවා සුදූට කියලා... දෙකම එකම බෝට්ටුවෙ..

මං පිටිපස්සෙ ශීට් එකේ තිබ්බ චොක්ලට් බොක්ස් එක අරන් සුදූගෙ ඔඩොක්කුවට දාලා එහෙම්මම රේඩියෝ එක ඔන් කරේ තිබ්බ නිශ්දබ්දතාවය දරාගන්නම බැරි තැන..

නන්නාඳුනන සිහිනය වෙලා
තරු ඇස් කොනක හිත නැවතිලා
ආඩම්බර කතා ඉඟි පා තියා
මාගෙ තනි හිතට ඔච්චම් කලා

සින්දුවත් එක්ක මං ගියෙ වෙනම ලෝකෙකට.. . මට මතක් උනේම හසරැල්ගෙ ආඩම්බර ඇස්....  ආයෙ කවද දකින්න වෙයිද මන්දා..

මනමාලයි හිතේ පෙම් කතා
මහමෙර උසට හැඟෙනා නිසා
කවි හිත යට ලියා නෙත ළඟ හැංඟිලා
සින්නක්කරම මට හිමි වෙලා..

තාම හිමිඋනේ නෑනෙ ඉතින්.. කොහෙද ඉතින් එයාගෙ නෑනෙ කිසි උනන්දුවක්...  මාත් එක්ක එල්ලෙන්නමනෙ බලන් ඉන්නෙ..
මල් පැලයක් කරපු දෙයක් හත්තික්කේ..

මට මතක් උනේම එදා හසරැල්ව මට හම්බුන පලවෙනි දවස.. ඒක මතක් වෙලා හිනාවෙවී ඉන්න්නකොට සුදූ මගෙ සිහින ලෝකෙ බිඳලා දැම්මා..

" අයියා.. කී සැරයක් කතා කරාද හලෝ... කාව මතක් කර කරද දැන් ඔය හිනාවෙන්නෙ ආ..? "

මගුලයි..  මේ ටිකේ වෙන්නෙම මේ වගේ වැඩමයි.. මේ රෙද්දෙ සින්දුවක් තමා සේරටම මුල..

අනික මොන මගුලක්ද මන්දා මේ දවස් වල ඇහෙන්නෙම ඔහොම සින්දුමයි.. මගෙ හිත හසරැල් ගාවටම අරන් යන ඒවා..

මං රේඩියෝ එක ඕෆ් කරලා දැම්මා..

එක අතකට සින්දු වලට බැනලා වැඩක් නෑ.. මගෙ හිත තමා සේරටම මුල.. නෑ නෑ.. අර පොඩි පගයා තමා මේවට වග කියන්නෝනෙ.... 

" කෙල්ලෙක්වත් සෙට් උනාද ආ? "

ඔය ඇහුවෙ ඉතින්...

සුළඟ නුඹWhere stories live. Discover now