ƈԋαρƚҽɾ 24

1K 153 42
                                    

" අයියා... ඒ එයා නේද ? "

අපි එන ගමන් සුදූ මගෙන් මුලින්ම අහපු ප්‍රශ්නෙ තමයි ඔය..

" කොහොමද දැනගත්තෙ ? "

මෙයා එක්ක හොර වැඩක් කරනව කියන්නෙ අමාරු වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක් ..

" ඔයාගෙ ඇස් වලින්.. "

ඒ මොන මගුලක්ද කිව්වෙ අහන්න වගේ මං එයා දිහා බැලුවෙ ප්‍රශ්නාර්ථයක් මූණෙ ඇඳගෙන..

" අයියෝ මං කිව්වෙ ඔයා එයා දිහා බලපු විදියෙන්... අනික මං දීපු බ්‍රේස්ලට් එක එයාගෙ අතේ තියනවා දැක්කම ඒක කන්ෆර්ම් උනා.. "

හරිනෙ ඔය කොරලා තියෙන්නෙ.. !

" ඉතින් ? "

මං මුකුත් නොකියපු තැන එයා ආයෙම එහෙම ඇහුවෙ මට කියන්න මොනාහරි තියෙනවද අහන්න වගේ..

" ඉතින් කිතුල් ... "

" අනේ මේ.. බේරිලා පැනලා යන්න හිතන්නවත් එපා.. ඔයාගෙ ඇස් වල තියෙන්නෙ සතුටු හිතෙන කතාවක් කියලා මට පේනවා ! So දැන් මට කියන්න.. මොකද උනේ ? "

" අනේ මන්දා සුදූ.. මේක හීනයක් නෙමෙයි නේද ? මේක හීනයක් නෙමෙයිනම් මගෙ ජීවිතේ සතුටුම දවස අද ! "

" ඒ කියන්නෙ.. "
එයා ඇස් වලින් ඇහුවෙ ඒක එහෙමද අහන්න වගේ..

" ඔව්.. මං දන්නෙ නෑ මේක දැනගත්තම පපා මොන විදියට හැසිරෙයිද කියලා.. ඒකෙන් මට මොනා උනත් හසරැල්ට කරදරයක් උනොත් මට දරාගන්න බැරි වෙයි.. මං එයාගෙන් සේරම හංගන් හිටියෙ ඒකයි.. ඒත් එයාම ඇවිත් ආදරෙයි කියනකොට , අනාගතේ ගැන බය නොවී ඉමු කියනකොට , එයාට මගෙ ගාවින් ඉන්න දෙන්න කියනකොට මං කොහොමද සුදූ ඈතට දුවන්නෙ ? "

" මට ඔයා ගැන මාරම හැපි අයියා.. මං බය වෙලා හිටියෙ ඔයා මේක හැමදාටම හංගගෙන දුක් විඳී කියලා.. දැන් නම් කිසිම බයක් නෑ.. එයා ඔයාව බලාගනී.. මට ඒක ශුවර්.. එයා කියනව වගේ ඉස්සරහට වෙන දේවල් ගැන පේන බලන්න යන්නෙ නැතුව මේ මොහොතෙ සතුටින් ඉන්න.. අන්තිමට හැමදේම හොඳම විදියට වෙයි.. එච්චරයි... "

" ම්ම්ම්. අපි බලමුකො.. මං තාම හිතුවෙ මගෙ පැත්තෙන් එන්න පුලුවන් ප්‍රශ්න ගැන විතරයිනෙ.. එයාගෙ පැත්තෙන් කොහොම වෙයිද කියන්න බෑනෙ.. "

සුළඟ නුඹDonde viven las historias. Descúbrelo ahora