~ Chapter ONE ~

711 40 18
                                    

අද මැයි 20 ඒ ලෙවල් වලට අලුතෙන්ම ඉස්කෝලෙ පටන් ගන්න දවස. අද අළුත් ළමයින්වයි කලින් ඉ‍ඳන්ම ඉස්කෝලෙ හිටිය අපිවයි ඒ ලෙවල් class එකට සාදරයෙන් පිළිගන්න කරන උත්සවේ තිබ්බෙ 8.30ට අපිට 8 වෙද්දි එන්න කියලා තිබ්බෙ ඒ උනාට හැම වැඩේටම මට ඕනෙ වෙලාවට යන ඉස්කෝලෙට ගෙදර ඉඳන් විනාඩි 45 ක දුර තියෙන මම ගෙදරින් එළියට බහිද්දිත් 7.45යි. අම්මා කලින් දාගත්ත වැඩක් තිබ්බ හින්දා මං ඉස්කෝලෙට ගියෙ තාත්තා එක්ක.

"අදවත් වෙලාවට යන්න බැරිද සුදූ?" 

"හරි හරි තේමි ඔයාගෙ driving මං දන්නවනෙ අපිට වෙලාවට යන්න පුලුවන්"

තාත්තටත් බටර් ගාලා අම්මටත් වැඳලා මං ගෙදරින් ආවෙ කාලෙකින් යාලුවො ටිකගෙ හුරතල් මූණු ටික බලන්නයි අලුතෙන් කොයි ජාතියෙ අ‍ංගනාවො ටිකක් පාත් වෙලාද කියලා බලන්නයි
.
.
.
.
.
අපි හරියටම 8.15 වගේ වෙද්දි ඉස්කෝලෙට ආවා. මං තාත්තවත් ඇදගෙන main hall එකට දිව්වෙ අපි යද්දිත් ආරාධිත අමුත්තන්ව පිළිගන්න eastern band එකෙන් main gate එක ළඟ පෝළිම් හැදිලා හිටිය නිසා

main hall එකට යද්දි ඒකෙ අස්සෙ හැරෙන්නවත් ඉඩ නෑ පිටිපස්සෙ දෙමව්පියන්ට reserve කරලා තිබ්බ seat වලින් එකක් තාත්තට ඉඳගන්න කියලා දීලා මම ළමයි හිටිය පැත්තට ගියෙ මගෙ අතිජාත මිතුරියො ඉන්නෙ කොහෙද හොයන්න

"ඒයි දෙශී.. මෙහෙ වරෙන්න්"

මගෙ නම දෙවර්ශි ආරණ්‍යා අමරසිංහ. ඒක මුන්ට පුලුවන් තරම් විදි වලට හරවලා හදා ගත්‍ත nickname එක තමයි දෙශී කියන්නෙ. එතනට ගියාට එතන මට ඉඩ තිබ්බෙ නෑ. ඒ අහල පහලකවත් මට ඉඳගන්න ඉඩ තිබ්බෙ නෑ

"උබට මාස පහක් හයක් තිස්සෙ නිදියලත් මදිද ගෑනියෙ අදත් පරක්කු වෙලා නැගිටලා ආවෙ"

6 වසරෙ ඉඳන්ම මගෙ partner in crime තරූ ඇහුවා.

"ඕකිව ඔඩොක්කුවකට හරි ගමු වෙනසක් පේන්නෑනෙ පුටුවක ඉදියත් "

ඒ සෙහා, ඇත්ත තමයි අපේ සෙට් එකෙන් පොඩිම එකා මම ඇඟෙනුත් උන්ට වඩා පොඩියි වයසෙනුත් උන්ට වඩා පොඩියි. ඒ උනාට මුන් ඔක්කොගෙම මොළ මගෙ මොළේට වඩා පොඩියි

මටත් බැන බැන එලියට ගිය තරූ කොහෙන්ද මන්දා පුටුවක් උස්සගෙන ඇවිත් හතර වටේම ළමයින්ට excuse කරලා ඉඩ හදාගෙන පුටුව තිබ්බා

" ආ ඉඳා වාඩිවෙයන්"

ඒකි කියන්නත් කලින් මම ඒ පුටුවෙන් ඉඳගත්තෙ මම පුටුවක් හොයලා ඒකිට ගෙනල්ලා දුන්නා වගේ හෙනම ගැම්මට.

Chief guest ට එන්න හිටිය මැඩම් ඇවිත් සාදරයෙන් පිළිගන්න උත්සවේ පටන් ගනිද්දි හරියටම 9.10 යි. ඒ අතින් මට මං ගැන හෙන proud. මොනා උනත් මම එච්චර පරක්කු වෙන්නෙ නෑනෙ. පූජා නැටුම් නටලා, සාම්ප්‍රදායට අනුකූලව පොල්තෙල් පහන් පත්තු කරලා, පලවෙනි දවස නිසා අපිට හාමුදුරුවො කෙනෙක් වඩම්මලා ආශිර්වාද කරාට පස්සෙ මැඩම්ගෙ වැඩිවෙලා කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ කියලා පටන් ගත්ත පැය එකහමාරෙ කෙටිකතාවයි, sectional head මැඩම් කරපු කතාවයි, අපිට වඩා වැඩිමල් batch එකේ අක්කලා කරපු පොඩි පොඩි items ටිකයි ඉවර වෙද්දි වෙලාව 12යි ඒ වෙද්දි මට නම් උසස්පෙළ ජීවිතේම එපා වෙලා තිබ්බෙ. අන්තිමේට පාසල් ගීයයි ජාතික ගීය කියලා ඉවර වෙලා යන්තන් උත්සවේ ඉවර කරා.

අපි කරන stream එක අනුව අපිව පෝලිම් වලට බෙදලා අලුත් classes වලට අපිව අරන් ගියේ ඉස්කෝලෙ senior prefect අක්කලා, මම බයෝ කරන්නෙ ඒ කියන්නෙ class එක 12-C අපිව ක්ලාස් වලට අරන් දෙමව්පියන්ටයි අපිටයි subject එක ගැන, අපිට උගන්නන විදිහ ගැන අපිට එන ඕනෙම ප්‍රශ්නෙකදි exam එක වෙනකන්ම ඉස්කෝලෙන් තියෙන support එක ගැන විස්තරයක් දීපු science section head හෙට අපිව classes වලට බෙදන නිසා අනිවාරෙන්ම ඉස්කෝලෙ එන්න කියලා ඉස්කෝලෙ ඉවර වෙන bell එකට විනාඩි පහක් වගේ තියෙද්දි රැස්වීම ඉවර කරා.

Inseparable 🤍 | GL | ON HOLDWhere stories live. Discover now