අද උදේ biology double period වලින් පස්සෙ අපිට තිබ්බෙ library period එක. AL section වලට වෙන් කරලා තියෙන library එකේ තියෙන්නෙ subjects වලට අදාල පොත් විතරයි ඒ නිසා ළමයි බාගෙට බාගයක්ම හිටියෙ ක්ලාස් එකට වෙලා.
බාගයක්ම ක්ලාස් එකේ ඉද්දි මම library යයිද??
නෑ!!!
Class එකට වෙලා කරන්න දේකුත් නැති නිසා මං commerce එක පැත්තට ගියා ඒ යද්දි අරුන්ට econ ද කොහෙද උගන්නනවා. ආපහු class එකට ගිහින් මෙලෝ වැඩක් වෙන්නැති නිසා මං canteen එකට ගියා. canteen එකෙන් බන් එකක් අරන් කකා ඉද්දි මං දැක්කා ඈත ඉඳන් මැස්සි නළව නළව එනවා.
කන්න ගත්ත එක තනියෙන් කන්න තරම්වත් වාසනාවක් නැති පට්ටම අපල කාලයක්ද කොහෙද මගෙ ගෙවෙන්නෙ. සියල්ලට ප්‍රථම මනුස්සකම නිසා මං එයාටත් මගේ ගානෙ බනිසක් අරන් දුන්නා.
"thank you. මං library එකට ගිහින් පොත මාරු කරලා ආවා. එද්දි ඔයා හිටියෙ නැති නිසා මං බලන්න ආවෙ"
"හනීන් අහන්න, ඔහොම මගෙ පස්සෙන් හැමදේම හොය හොය එන්න එපා.. මං කැමති නෑ ඔයා මගෙ හැම රෙද්දම හොයන්නයි මට orders දෙන්නයි එනවට, please මට පාඩුවෙ ඉන්න දෙන්න"
මට හැම එකටම කියවන එක දැන් සිරාවටම වදයක් වෙලා තියෙන්නෙ, තරහ වෙනවා නම් තරහ වෙයන් කියලා මං එහෙම කිව්වම අතේ තිබ්බ බනිසත් dustbin එකට දාලා මේකි class එක පැත්තට දිව්වා, කන්න බැරි නම් කන එකෙක්ට දෙන්න තිබ්බනෙ. කාගෙ උනත් money නෙ ඒ dustbin එකට දැම්මෙ.
කාලා, drama room එක පැත්තට ගිහින් miss එක්ක chat එකක් දාගෙන ඉඳලා පීරියඩ් එක ඉවර වෙන්න විනාඩි දහයක් වගේ තියෙද්දි මං ආයිමත් class එකට ගියා
මං යද්දි හනීන් desk එකේ ඔලුව තියාගෙන හිටියෙ. වැඩකුත් නැති නිසා නිදි ඇති කියලා හිතාගෙන මං ගිහින් මගෙ පුටුවෙන් වාඩි උනා.
ටිකකින් මට meter උනා එයා නිදි නෑ අඬනවා කියලා. මං බැන්න නිසා ඒකටද කියලා හොයාගන්න මං හිමීට පිටට තට්ටුවක් දාලා කතා කරා. එතකොට හනීන් ඇස් දෙකේ කඳුළු පුරවගෙන මං දිහා බැලුවා
"ඇයි මේ?"
"හනීන් කඳුළු පිහිදගන්න ක්ලාස් එකේ තව ළමයි ඉන්නවනෙ, අඬන්නැතුව කියන්න මොකද්ද උනේ කියලා"
"ඕන්නෑ ආරණ්‍යා මං ඔයාට වද දෙනවනෙ.. මං ගැන හොයන්නත් එපා, ආයිත් මං ඔයාට වදයක් වෙන්නෙ නැතුව ඉන්නම්... ඔයාට මං නිසා වෙච්ච හැමදේටම sorry "
"හ්ම්"
බැන්නට ඔහොම අවුල් ගන්න තරම් දෙයක් මං කිව්වෙ නෑ එයාට. දවසෙම මගෙත් එක්ක වචනයක්වත් කතා කරන්නැතුව මිනිහා මැරිච්ච ගෑනි වගේ ඒකි හිටියෙ. කතා කරන්න එපා කිව්වනෙ ඒ නිසා මං කතා කරන්න ගියෙත් නෑ.
ගෙදර ඇවිත් wash එකක් දාලා online යද්දි මට unknown number එකකින් message එකක් ඇවිත් තිබ්බා. Profile එකෙත් අඳූර ගන්න තරම් දෙයක් තිබ්බෙ නැති නිසා මම message එක seen කරන්න ගියෙ නෑ. ඊට පස්සෙ ඒ number එකෙන්ම ආයිත් message එකක් ආවා.
' Hi '
' 🙂''Hi, Am I know you?'
'Mm yeah, It's me Yaara'හපොයි හපොයි...
දවල් වෙච්ච scene එකට මට බනින්නද නැත්තන් ආයිමත් සැරයක් අඬන්නද දන්නෑ number එකත් හොයාගෙන message එකක් දාලා තියෙන්නෙ, මං reply කරන්නත් කලින් මට ආයි message එකක් ආවා
'Mata deyak kiyanna thiyenawa'
'Oyawa meet wela oyage munata kelinma kiyanna ba ekai mn yaluwekgen number eka illa gena message kare'
'Oyata wadayak newei nam chuttak katha karanna puluwanda?''Mmm, kiyanna'
'Aranya sorry oyata wadayak unata'
'Oyata wada denna epa kiyapu nisa mn kelinma kiyanna thiyena de kiyannam'
' Ahh hari ekata aulak na. Kiyanna '
' Mn oyata godak kemathiyi '
' Ekayi mn oya gena hemathissema heuwe '' Heh :) Okeeyyyy. '
'Aranya mn kemathi kiyanne, friend kenek vidiyata newei mama oyath ekka eeta wada deyak patan ganna kemathi 🙂'
හතික්කේ මේ මොනාද මේ වෙන්නෙ. මෙච්චර දවසක් මේකි කසිනගෙ කරේ එල්ලෙන්න හදන්නෙ කියලා හිතාගෙන හිටියට මෙහෙම ඉලව්වක් වෙයි කියලා මං හීනෙකින්වත් හිතුවෙ නෑ
'👀'
'Sorry Aranya thawath hithe thiyagena inna bari nisai mama kiuwe.'
' Oyage hithe ehema deyak na kiyala mn dannawa... '
'Mama hithe thiyena de kiuwa oya decide karala kemathi deyak karanna 'යකෝ එක පාරට එහෙම අහනවද? ඇත්තටම මගෙ හිතේ එහෙම මගුලක් ඒකි ගැන තිබුනෙ නෑ. ඉස්සරහටත් නෑ.
මං කෙල්ලෙක් ට love කරන්න කැමති නෑ නෙවෙයි. හනීන් ගැන මට එහෙම හිතිලා නෑ
'Oya kemathi natthan mawa block karanna Aranya. Sorry oyata mewa kiyala oyage oluwa aul kara nam '
'Parissamen inna '
'God bless you! 'මං ඒ messages ටික seen කරාට එකකටවත් reply කරේ නෑ.. මොනා කියලා reply කරන්නද කියලා මට එවෙලේ තේරුනේ නෑ phone එකේ data off කරලා මං හොඳට හිතන්න ගත්තා.
කතාව බලන ලස්සන ළමායි,
මේක මගේ first writing එක...ඔයාලට මේක ගැන තියෙන අදහසත් කියාගෙන යන්න.. අඩුපාඩු තියෙන ඒවා හැදෙන්න ඕනෙ තැන් සේරම කියන්න.. තියෙන අවුල් තැන් හදාගෙන ඉස්සරහට හොඳට updates දෙන්නම්.🤍🤍🤍
YOU ARE READING
Inseparable 🤍 | GL | ON HOLD
Romance"ආදරේ කියන දේ මිනිස්සුන්ගෙන් මිනිස්සුන්ට ලැබෙන විදිහ වෙනස්, ඔයා කාගෙ කවුරු උනත් ඔයාට දෙයක් නැති වෙන්න තියෙනවා නම් ඒක අනිවාරෙන් නැති වෙනවා. ඒ වගේම ඔයාට හම්බෙන්න තියෙන දෙයක් නම් අනිවාරෙන්ම හම්බෙනවා"