~ Chapter THIRTY-FOUR ~

118 17 8
                                    

"සුදූ නැගිටිනවා"

"දැන් ඇති ඔය නිදාගත්තා නැගිටපන් බං."

"සුදූ... උබ ඕක අස්සෙ මැරිලද.? නැගිටපන්"

නෙත්රුට මොකා වැහිලද මන්දා උදේ පාන්දර දොර කඩන්න හදන්නෙ. මගුල මුන්ට නිවාඩු දවස් වලට නින්ද යන්නෙ නැද්ද මන්දා උදේ පාන්දර නැගිටලා දොරවල් කඩන්නෙ. මං නිදිමතේම ගිහින් දොර ඇරියා මොනා වෙලා බෙරිහන් තියෙනවද කියලා දන්නෙ නෑනෙ

"මොකද මනුස්සයො දොර ගලවන්න හදන්නෙ"

"අහ් අම්මේ මේ නැගිට්ටෙ."

"ඔව් ඉතින් අර කෑගහපු විදිහට මැරිච්ච මනුස්සයෙක් උනත් නැගිටිනවා. ඇයි දැන්?"

"ඇයි අහන්නෙ බලනවා වෙලාව. අපිට මෙලෝ දෙයක් කරගන්න විදිහක් නෑනෙ උබ ඔහොම නිදාගෙන ඉද්දි."

"ඈහ්හ්හ් ඇයි දැන් වෙලාව කීයද?"

"2.30යි"

"දවල්???"

"ඔව් ඔව් දවල්. ඒකනෙ මොනා වෙලාද කියලා බලන්න ආවෙ."

"අහ් හ්ම්ම් හරි හරි මං ඉක්මනට wash එකක් දාන් පහළට එන්නම්."

"ඉක්මනට එනවා. දැන් දවසෙන් බාගයක්ම ඉවරයි.

"හරි හරි බං එන්නම් මං එනකන් ඔයාලා මොනාහරි plan කරගන්න."

ම මං ඊයෙ රෑ කීයට නිදාගත්තද කොහොම නිදාගත්තද කියලා දෙයියො තමා දන්නෙ. නෙත්රු ගෙ කෑගැහිල්ලට නැගිටලා wash එකක් දාගෙන පහළට ආවට මට තාම නිදිමතයි. මං නිදිමතේම ඇවිල්ලා meeting එකට join උනා.

Inseparable 🤍 | GL | ON HOLDWhere stories live. Discover now