~ Chapter EIGHTEEN ~

201 22 4
                                    

"අහ් දුව එන්න ඇතුළට"

"යාරා ගිහින් මේ දුවට බොන්න මොහාහරි ලෑස්ති කරන්න. වාඩිවෙන්න දුව"

"Thank you අංකල්, මොනාත් ඕනෙ නෑ හනීන්. මං ආවෙ අංකල් එක්ක චුට්ටක් කතා කරන්න"

අනේ පපාට නම් කියන්න එපා වගේ හනීන් මං දිහා බැලුවා, කියන්නෙ නැතුව බෑනෙ.

බය වෙන්න එපා ඔයා කාමරේට යන්න කියලා මං හනීන්ට message එකක් දැම්මා. එයා එතනින් ගියාට පස්සෙ මං අංකල් එක්ක කතා කරන්න ගත්තා

"ඔව් දුව කියන්න, මොකක් හරි ප්‍රශ්නයක් ද?"

"ඔව් පොඩි එකක්... අංකල් අද class කලින් ඉවර උනේ නෑ හනීන්ට පොඩි ප්‍රශ්නයක් කියලා class යන්න බෑ කිව්වා."

"ප්‍රශ්නයක්? යාරා මට එහෙම මුකුත් කිව්වෙ නෑනෙ"

"ඔව් අංකල් එයා බය වෙලා ඉන්නෙ"

"ඒ කාටද දුව"

"අංකල් ඔශේන් කියලා boy කෙනෙක්ව දන්නවද?"

"ම්ම්හ් නෑ දුව යාරාගෙ යාලුවෙක්ද?"

"නෑ අංකල් යාරා මට එද්දි කඩයක් පෙන්නුවා ඒ කඩේ තියෙන ගෙදර තමයි ඔශේන් ඉන්නෙ"

"අහ් හරි දුව නිහාල් මුදලාලිගෙ පුතා, පුතා යාරාගෙ වයසෙමයි. මම නම දැනගෙන හිටියෙ නෑ. මොකද්ද දුව ප්‍රශ්නෙ ඒ පුතා යාරාගෙන් කැමැත්ත අහලද?"

"නෑ"

"එනම්"

"ඒ boy කරලා තියෙන එක අංකල්ට කියන්නත් මොකද්ද වගේ ඒත් අංකල් මේවා දැනගන්න ඕනෙනෙ"

මං වෙලා තියෙන දේ මුල ඉදන්ම අංකල්ට කිව්වා. එවෙලෙ එයාගෙ මූනෙත් දුක එක්ක බයක්, නැත්තන් දේකට regret වෙනවා වගේ කියන්න තේරෙන්නැති හරි අමුතු feeling එකක් තිබ්බෙ

"ම්ම් මට තේරුනා දුව. මේ මිනිස්සු හරි නපුරුයි. මං ඒ ගත්ත loan එකෙනුත් බාගෙකට වඩා ගෙවලා තියෙන්නෙ තව මාස තුනක් හතරක් යද්දි ඒක ගෙවලා ඉවර කරන්න පුලුවන්"

Inseparable 🤍 | GL | ON HOLDWhere stories live. Discover now