~ Chapter THIRTY-FIVE ~

133 17 9
                                    

පෙරේදත් පොඩි රවුමක් ගැහුවට ඊයෙ නම් මොනාත් කරේ නෑ ඒකට හේතු ගොඩයි.

01 නෙත්රුට practice තිබ්බා
02 ඔවීගෙ අම්මා නෑදෑ ගෙදරක යන්න ඕනෙ කියලා වහාම ක්‍රියාත්මක වන පරිදි ඔවීට ගෙදර එන්න කිව්වා
03 අද ඉස්කෝලෙ යන්න නිසා ජනිත්‍යත් රෑ වෙන්න කලින් ගෙදර යන්න ඕනෙ කිව්වා

කොහොමහරි අද තමයි මම සති ගාණකින් ඉස්කෝලෙ යන්නෙ. අදත් ගියාට මම හොඳටම recover වෙලා නෑ ඒ උනාට යන්න ඕනෙනෙ.

උදේ ඉස්කෝලෙට ඇවිත් class එකට වෙලා ඉද්දි අපේ class එකට girl කෙනෙක් ආවා. මං මීට කලින් මෙයාව දැකලත් නෑ.

කොහොමහරි එයාට තිබ්බෙ ලස්සන හීනි ඇස් දෙකක්, මං මීට කලින් කොහෙදි හරි ඒ ඇස් දැකලා තියෙනවා. එයාගෙ පිට මැද්දට විතර දිගට තිබ්බ තද කළු පාට දිලිසෙන straight කොණ්ඩෙ පට්ටම පිළිවෙලට ගොතලා අහ් එතකොට එයාගෙ skin එක මී පැණි පාටයි. ඒ girl ව දැක්කම මට හෙනම අමුතු feeling එකක් ආවෙ. ඒක කියන්න තේරෙන්නෙ නැති හෙනම හෙන අමුතු එකක් හැබැයි ඒ feeling එක මොකක් උනත් මං ඒකට ආසයි.

එයා ඇවිත් අපිට ඉස්සරහ row එකේ මගෙ කෙළින් වාඩි වෙලා මගෙ පැත්තට හැරුණා.

"හායි good morning, ඔයා අළුතෙන්ද ආවෙ. මං ඔයාව මීට කලින් class එකේ දැකලා නෑනෙ"

"Good morning අහ් නෑ මං අළුතෙන් නෙවෙයි. මේ ටිකේ school ආවෙ නෑ"

"ආ එහෙමද.? මම මේ term එක පටන් ගත්ත දවසෙ තමයි අළුතෙන් ආවෙ. එහෙනම් ඔයා නෙවෙයි මම නේද අළුත්"

"ම්ම් ඔව්"

"හරි හරී.. මම සශේරා. එතකොට මේ ටිකේ ඔයා ඉස්කෝලෙ ආවෙ නැත්තෙ ඇයි"

"පොඩි accident එකක් උනා"

"අහ් ඔයාද ඒ.? මං මුලින්ම ආපු දවසෙ ඔතන ඉ‍‍‍‍ඳගත්තෙ. එතකොට එහා පැත්තෙ ඉන්න girl කිව්වා මට"

Inseparable 🤍 | GL | ON HOLDWhere stories live. Discover now