"අර මිනිහා එච්චර ඒවා කියද්දිත් ඇයි කට වහගෙන බලන් හිටියෙ. නංගි one day, this place will be yours. ඒ මිනිහගෙ කනට දෙකක් ගහලා පන්නලා දාන්නැතුව නැට්ට පස්සෙ ගහන් බලන් හිටියෙ තමුසෙට පිස්සුද ඕයි."
"හරි හරි චූටි.. ඕක අමතක කරලා දාන්න සීයා එයාට advice කරයි."
"Advice කරන්න ඕන්නැහැ. ඔය වගේ එකෙක් advice කරාට හැදෙන්නෙ නෑ ඌ ගැන මං බලා ගන්නම්. තමුසෙ ඔහොම එක එකාට ඔලුව පාත් කරන් ඉන්නවා මං ආයි දැක්කොත් එදාට මං තමුසෙ ගැනත් බලා ගන්නම්"
"හ්ම්"
නෙත්රු කෑගහන එක සාධාරණයි මොකද කවුරුත් මට මේ විදිහට කතා කරලා නෑ.. එයා ඉස්සරහා කිව්ව ටිකට විතරක් මෙහෙම මළ පැන්නා නම් මට කිව්ව ඒවා කිව්වොත් මිනිහව කනෙන් ඇදලා එලියට දායි.
රෑ ගෙදර ඇවිත් නිදාගන්න ආවට පැය දෙකක් තුනක් යනකන්ම මට නින්ද ගියෙ නෑ. ඒ නිසා මං ගිටාර් එකත් අරගෙන garden එකට ගියා.
"වෙන්න ඕනෙ දේ මං සැරයක් කිව්වනෙ. තමුසෙට මාව මොකෙක් වගේද පේන්නෙ"
"වෙන දේවල් එක්ක ඉන්න පුලුවන්ද බැරිද කියලා තේරෙනවනෙ"
"ඔව් ඔව් නවත්තනවා තමයි"
ජනිත්ය කාටද මන්දා call එකක් අරන් පලු යන්න බනිනවා එයාගෙ call එක අහන් ඉන්න එක හරි නැති නිසා මං ආයිමත් හැරිලා එන්න හැදුවත් මාව දැකලා එයා කෝල් එක cut කරා
"සොරි.. මං ඔයා එනවා දැක්කෙ නෑ."
"මාත් ඔයා ඉන්නවා දැක්කෙ නෑ.. කෝල් එකට disturb උනා නේද මං ආපු නිසා"
"නෑ දෙවර්ශි ඒක කොහොමත් ඉවර කරන්න තිබ්බ කෝල් එකක්, ඔයා ඇයි මෙතන"
"නින්ද යන්නෑ. මං එතකොට මෙතනට එනවා. ඔයා ඇයි මෙතන, මොකක් හරි ප්රශ්නයක්ද.?"
"ඔව් පොඩි එකක්."
"what happened? කතා කරන්න ඕනෙ නම් අපි කතා කරමු."
YOU ARE READING
Inseparable 🤍 | GL | ON HOLD
Romance"ආදරේ කියන දේ මිනිස්සුන්ගෙන් මිනිස්සුන්ට ලැබෙන විදිහ වෙනස්, ඔයා කාගෙ කවුරු උනත් ඔයාට දෙයක් නැති වෙන්න තියෙනවා නම් ඒක අනිවාරෙන් නැති වෙනවා. ඒ වගේම ඔයාට හම්බෙන්න තියෙන දෙයක් නම් අනිවාරෙන්ම හම්බෙනවා"