~ Chapter FOUR ~

256 29 20
                                    

වෙනදට ඩ්‍රයිවර් කෙනෙක් එක්ක ඉස්කෝලෙට ආවට අද නෙත්රුව දාන්න ලොකු අම්මලා යද්දි මාත් එයාලා එක්ක ආවා, අර කිරි සප්පයව ඉස්කෝලෙට දාන පලවෙනි දවස අද නිසා මටත් සාමාන්‍යෙන් හැමදාම එනවට වඩා විනාඩි 10ක් විතර කලින් ඉස්කෝලෙට එන්න උනා.

ඉස්කෝලෙ ඇතුලටම එද්දි තියෙන බුදු මැඳුර ගාවට ඇවිත් වැඳලා මං class එකට ආවා. අපේ ඉස්කෝලෙ හැම ළමයෙක්ම class එන්න කලින් බුදු මැඳුර ගාවින් වැඳලා එන්න ඕනෙ ඒක නීතියක් උනාට අපි නම් දැන් කරන්නෙ පුරුද්දට.

class එකට එද්දි ළමයි 25 ක් විතර ඇවිත් හිටියා. Bag එකත් පුටුවෙන් එල්ලලා desk එක උඩ වාඩි වෙලා ඉද්දි art එකේ කෙල්ලෙක් අපේ class එකට ආවා.

"දෙවර්ශි, පොසොන් එකට ඉස්කෝලෙන් කරන බැති ගී සරණිය දන්නවනෙ, සුරවීරට මේ සැරේ බැති ගී කියලා විතරක් මදිලු. අන්න drama society එකෙනුත් item එකක් ඉල්ලලා. උබට එන්න පුළුවන් නේද?"

යකෝ! ඉස්කෝලෙට ආව දවසෙ ඉ‍ඳන් drama room එකේ පදිංචි වෙලා ඉන්න මට bio කරන්න ආව නිසා මුන් වෙනස්කම් කරනවනෙ. ඇත්තමයි දෙන්න තියෙන්නෙ මුන්ට පස්ස රතු වෙන්න.

"මොන වැඩේ තිබ්බත් මං එනවා කියලා ඔයා දන්නවනෙ කෙල්ලෙ. මං bio කරාට ඇග bio class එකේ තිබ්බට මගෙ ආත්මෙ තියෙන්නෙ drama room එකේ"

"හරි හරී අපි දන්න නිසානෙ ඉතින් හොයන් ආවෙ, ගිය පාර tower hall යන්න කරපු එකම කරලා දානවද නැත්තන් අලුතෙන් මොකක් හරි practice වෙන්න වෙයිද?"

"බලමු නෙහ්‍, ඉස්කෝලෙ කවුරුත් ඒක දැක්කෙත් නැති නිසා ඒක කරන්න පුළුවන් අනික අලුතෙන් practice වෙලා costumes හදාගෙන වෙන එකක් කරන්න time නෑනෙ"

Inseparable 🤍 | GL | ON HOLDWhere stories live. Discover now