අපි උදේ 7 වෙද්දි ගෙදරින් ආවා. නෙත්රුව අරන් ඔවිනිගෙ ගෙදර ගියොත් දිය ඇල්ලක් බලන්න තියා වතුර බහින කාණුවක්වත් බලන්න වෙන්නෑ. ඒ නිසා නෙත්රුව ඔවිනිලගෙ ගෙවල් වලට හැරෙන තැනින් බස්සලා මං ඒකිගෙ ගෙදරට ගියා.
එන්න කලිනුත් විනාඩි විස්සක් විතර කළ යුතු දේවල් සහ නොකළ යුතු දේවල් ගැන කෙටි දේශනාවක් දීලා තමයි ඔවිනිලගෙ අම්මා මාවයි ඔවිනිවයි එව්වෙ.
"දෙශී කෝ අභී"
"මොන අභියෙක්ද?"
"නෙත්රු. කෝ එයා නෑනෙ"
"එයා ආවෙ නෑ. "ඔය කන් කරච්චලේ අරගෙන රත්නපුර යන්න බෑ සුදූ.. උබට ඕනෙ නම් ගිහින් වරෙන් මට සනීප නෑ කියපන්" කිව්වා. හුටා..! උබට කියන්න කිව්වෙ සනීප නෑ කියලා විතරයිනෙ..."
"හරි හරි ඔන්න එනම් මුල ඉදන්... නෙත්රු ට සනීප නෑ ඔවී."
"ආ එහෙම කිව්වද එයා? මං බලාගන්නම්කො"
"ඔව් ඔව් ඒවා එයා එක්ක බලාගන්න"
ඒක කිව්ව ගමන් මොකෙද්ද වගේ අත් දෙකත් බැඳගෙන රවාගෙන හිටියා අනේ පව් අහිංසක නෙත්රු.
ඌව බස්සපු තැනින් ආයි නවත්තලා නග්ග ගත්තම අරකි මට රැව්වෙ හරියට ක්‍රිකට් මැච් එකක මේකි බැට් කරද්දි, දිනන්න ඕනෙ නම් අන්තිම බෝලෙට ළකුණක් ගහන්න තිබිලා, මේකිට සෙන්චරියට ළකුණකුත් මදි වෙලා තියෙද්දි මං ඇවිත් වයිඩ් එකක් දැම්මා වගේ.
අන්න හරි සෙන්චරිය මිස් වෙච්ච කේන්තියයි මැච් එක දින්න සතුටයි දෙකම තියෙනවා.
"සුදූ උබට ඩ්‍රයිව් කරන්න පුලුවන් නේද මායි ඔවීයි පිටිපස්සෙන් නගින්නම්"
" මං තොපිලගෙ ඩ්‍රයිවර් ද?"
"කපල් එකකට පාඩුවෙ ලව් කරන්න දෙන්න ඒවා පිං"
YOU ARE READING
Inseparable 🤍 | GL | ON HOLD
Romance"ආදරේ කියන දේ මිනිස්සුන්ගෙන් මිනිස්සුන්ට ලැබෙන විදිහ වෙනස්, ඔයා කාගෙ කවුරු උනත් ඔයාට දෙයක් නැති වෙන්න තියෙනවා නම් ඒක අනිවාරෙන් නැති වෙනවා. ඒ වගේම ඔයාට හම්බෙන්න තියෙන දෙයක් නම් අනිවාරෙන්ම හම්බෙනවා"