"දෙවර්ශි"
"ඕ කියන්න"
"සිංදුවක් කියමුද.?"
"හා"
"අනේ සෙනාලි අපිට පාඩම් කරන්න ඕනෙ ඔයාලා සින්දු කියන්න එපා"
අපේ class monitor සෙනාලි කෑගහලා අහපු එකට මොකෙද්ද මන්දා එකෙක් එහම කිව්වා. සෙනාලි නම් මට ටිකක් විතර පේන්න පුළුවන් මිනිස්සුන්ගෙ ගොඩේ ඉන්නවා. හැබැයි මේ class එකේ ගොඩක් උන්ව මට පේන්න බෑ. ඉන්න ගොඩක් උන් stethoscope එක dp එකට දාගෙන ඉන්න හැමදාම උදේට resource books ටික කැඳ හදලා බීලා ඉස්කෝලෙ එන උන්. ආතල් කියන අකුරු තුනේ තේරුමවත් දන්නෑ ඊයා... ගොබ්බියො.
"3,4 periods තියෙන්නෙ library නෙ. සින්දු කියන්න බැරි අයයි අහන් ඉන්න බැරි අයයි ඉන්නවා නම් දැන්ම library යන්න."
"අන්න හරි දෙවර්ශි.. හා හා ඉන්න උන් ඉදලා අනික් උන් යන්න. පස්සෙ කිව්වෙ නෑ කියන්න එපා."
එතකොට නම් ඉස්සරහා පේලි දෙකයි තව මැද්දෙන් එහෙන් මෙහෙන් ටික දෙනෙකුයි නැගිටලා පොතුත් උස්සගෙන එලියට ගියා. මේ අළුතෙන් ආව උනුයි පරණ පොත් ගුල්ලොයි හරි මෝඩයි. කිසිම argument එකක් නැතුව කියන දේ කරනවා. කීකරු හොඳ ගොබ්බ ළමයි. දැන් class එකේ ඉන්නෙ ඉගෙනත් අරගෙන පිස්සුත් කෙලින හොඳම හොඳ ළමයි ටික.
Yo girls, I'm singing a song
Soup song, flop songඑක කෙල්ලෙක් class එක ඉස්සරහට ඇවිත් පටන් ගත්තා
"හෝව්... නෑ නෑ එහෙම නෙවේ ජනා.."
Yo girls, Let's sing a song
A chill song, a fun time song"දෙවර්ශි වාදනයෙන්ද ගායනයෙන්ද support කරන්න පුළුවන්."
"Both."
දෙන්නම් මං අද නංගිලට
මියුසික් දෙනවා නටන්නට
හොඳටම සද්දෙට ඇහෙන්නට
තව එකෙක් වරෙන් සප් එකට
YOU ARE READING
Inseparable 🤍 | GL | ON HOLD
Romance"ආදරේ කියන දේ මිනිස්සුන්ගෙන් මිනිස්සුන්ට ලැබෙන විදිහ වෙනස්, ඔයා කාගෙ කවුරු උනත් ඔයාට දෙයක් නැති වෙන්න තියෙනවා නම් ඒක අනිවාරෙන් නැති වෙනවා. ඒ වගේම ඔයාට හම්බෙන්න තියෙන දෙයක් නම් අනිවාරෙන්ම හම්බෙනවා"