Haneen's POV
නෙත්රු දාපු location එකෙන් taxi එක නැවැත්තුවම මං ඒ මාමට සල්ලිත් දීලා බැස්සා.
එයා taxi එක නැවැත්තුවෙ උස තාප්පයක් තියෙන ලොකු ගේට්ටුවක් ගාව ඒ ලොකු ගේට්ටුවෙ පැත්තකට වෙන්න තව චූටි ගේට්ටුවක් තිබ්බා හරියට අපේ ඉස්කෝලෙ තියෙනවා වගේ. මං එතනට ගිහින් ඒ ගේට්ටුවට තට්ටු කරාම security uniform එකක් ඇඳන් හිටපු අංකල් කෙනෙක් ගේට් එක ඇරියා.
"Good afternoon මිස්, කාව හම්බෙන්නද.?"
"Good afternoon අංකල් මේක නේද ආරණ්‍යාගෙ ගෙදර"
"ආරණ්‍යා ම්ම්හ්.. එහෙම කෙනෙක් දන්න තරමින් නෑ"
"වෙන්න බෑනෙ නෙත්රු මේ location එකනෙ දාලා දුන්නෙ"
"මිස් හොයන කෙනාගෙ වෙන විස්තරයක් දන්නවද"
"ආරණ්‍යාගෙ පපා අමරසිංහ group එකේ වැඩ කරන්නෙ. ආරණ්‍යා කියලා තියෙන්නෙ CEO කියලා"
"ආහ්. ඔව් මෙහෙ තමයි. එන්න මිස් ඇතුළට"
"හරි තැන්ක් යූ අංකල්"
ගේට් එකෙන් ඇතුළට ආවම තමයි මං ආරණ්‍යාගෙ ගෙදර දැක්කෙ එයාලගෙ ගෙදර තට්ටු තුනක ලොකු ගෙයක්. ගෙදර තිබ්බෙ එයාලගෙ ඉඩම මැද්දට වෙන්න, පැත්තකින් කාර් පාක් එක එතන ආරණ්‍යා ගෙ කාර් එකයි තව ලස්සන ලොකු කාර් තුන හතරකුයි තිබ්බා තව බයික් දෙකකුත් තිබුණා ඒත් ආරණ්‍යාගෙ බයික් එක තිබ්බෙ නෑ.
මේ කාර් පාක් එක අපේ මුලු ගෙදරම තරම් විතර ලොකුයි. මේ මං දැකලා තියෙන ලස්සනම ලොකුම ගෙදර. මං එයාලගෙ ගෙදර දොර ගාවට ගිහින් දෙපාරක් විතර බෙල් කරාම ඇන්ටි කෙනෙක් ඇවිත් දොර ඇරියා. ඒත් ඒ ආරණ්‍යාගෙ අම්මා නම් නෙවෙයි එයාගෙ අම්මව මම parents meeting එකේදි දැක්කනෙ.
"ආන්‍ටි ආරණ්‍යා ඉන්නවද.?"
"සුදු බේබි නේද.? ඔව් ඉන්නවා"
"කවුද පද්මා ආවෙ"
"හලෝ ආන්‍ටි මං ආරණ්‍යා ගෙ යාලුවෙක් එයාව බලන්න ආවෙ"
YOU ARE READING
Inseparable 🤍 | GL | ON HOLD
Romance"ආදරේ කියන දේ මිනිස්සුන්ගෙන් මිනිස්සුන්ට ලැබෙන විදිහ වෙනස්, ඔයා කාගෙ කවුරු උනත් ඔයාට දෙයක් නැති වෙන්න තියෙනවා නම් ඒක අනිවාරෙන් නැති වෙනවා. ඒ වගේම ඔයාට හම්බෙන්න තියෙන දෙයක් නම් අනිවාරෙන්ම හම්බෙනවා"