Term test ඉවර වෙලා parents meeting තියන්නෙ අද. මහ ලොකුවට පාඩම් කරේ නැති උනාට මං දන්න ටිකෙන් ගේමක් ගැහුවා මැස්සිත් දන්නැති දේවල් අහගත්ත නිසා හුගක් ප්රශ්න වලට හොඳට උත්තර ලිව්වා කිය කිය මට පිං දිදී හිටියෙ.
තාම අපිට අපේ ළකුණු කියලා තිබ්බෙ නෑ උදේ Al section එකට රැස්වීමක් අරන් හැම class එකේම මුල් තුන් දෙනාට reports දීලා ඉවර උනාට පස්සෙ තමයි අනික් අයට class එකේදි reports දෙන්නෙ.
.
.
."සුභ උදෑසනක් දියණිවරුණි. ඔයාලගෙ a level ජීවිතේ පලවෙනිම test එක තමයි ඔයාලා මේ ලිව්වෙ. මං හැම class එකකම ගුරුවරු එක්ක ඔයාලගෙ ළකුණු ගැන කතා කරලා තියෙන්නෙ... සමහර ළමයි ඇත්තටම ඉන්නෙ ගොඩක් හොඳ මට්ටමක"
"හැම class එකේම මුල තුන් දෙනා ළකුණු 75ට වඩා අරන් තියෙනවා... ඔයාලා මේ විදියටම මේ ළකුණු පවත්වගෙන යන්න ඒ වගේම ළකුණු අඩු අය තවත් උනන්දු වෙලා වැඩ කරන්න. ඔයාලගෙ මැඩම්ලගෙන් විෂය සම්බන්ධව තියෙන ගැටලු ගැන කතා කරලා ඒවා විසඳ ගන්න ඊගාව term test එකේදි මං ඔයාලා හැමෝගෙන්ම මීට වඩා හොඳ ළකුණු බලාපොරොත්තු වෙනවා"
යැයි යැයි යැයි තමා සති දෙකකට කලින් "පුචේ ඔයාලට ඊගාව සතියෙ term test" කිව්වම පාඩම් කරලා ලියන්න පුලුවන් තරම තමා ලිව්වෙ කොහොමත් අපේ සුරවීරට අපි කොච්චර හොඳට කරත් මදි.
ගිය සැරේ maths වලින් island 9 වෙච්ච අක්කගෙනුත් "අඥේ තව ටිකක් පාඩම් කරා නම් rank එක 5 වත් ගන්න තිබ්බා නේද" කියලා අහලා තිබ්බා. තව මොන මොනාදෝ ටිකක් දොඩවලා ස්තූතියි කියලා එයා යන්න ගියා.
ඊට පස්සෙ sectional head ඇවිත් අරයා කිව්ව ටිකම ඊට වඩා සරල කරලා කියවලා reports බෙදන්න පටන් ගත්තා.
Art එකෙන් පටන් අරන් පස්සෙ commerce එකට reports බෙදුවා. ඊගාවට Maths එකට, ඊටත් පස්සෙ Bio එකට
12C(1)
3rd Place - තාරුදී මලින්යා
2nd Place - රෂිනි සිතුමිණී
1st Place - ඉෂානි පෙරේරා12C(2)
3rd Place - පියුමි නෙත්මිණී
2nd Place - සෙහන්සා දෙව්මි
1st Place - කවින්දි දුල්සරා
YOU ARE READING
Inseparable 🤍 | GL | ON HOLD
Romance"ආදරේ කියන දේ මිනිස්සුන්ගෙන් මිනිස්සුන්ට ලැබෙන විදිහ වෙනස්, ඔයා කාගෙ කවුරු උනත් ඔයාට දෙයක් නැති වෙන්න තියෙනවා නම් ඒක අනිවාරෙන් නැති වෙනවා. ඒ වගේම ඔයාට හම්බෙන්න තියෙන දෙයක් නම් අනිවාරෙන්ම හම්බෙනවා"