අද නම් හිතලම ටිකක් කලින් නැගිටලා ගෙදරින් ගියා. මොකක් හරි වැදගත් වැඩකට පරක්කු උනාට මං වෙලාවට ඉස්කෝලෙ යනවා. මම යද්දි ඊයෙ අපිව එක්කන් ආව classroom එකට ළමයි 90ක් විතර ඇවිත් හිටියා.
තාම අපිව හරියට classes වලට බෙදලා නැති නිසා එන එන හැම ළමයම ආවෙ මේ ක්ලාස් එකට. අළුත් ළමයි ක්ලාස් එකට වෙලා හිටියට කලින් ඉදන්ම ඉස්කෝලෙ හිටිය එවුන් එකෙක්වත් පේන්න හිටියෙ නෑ.
මං ආපු ගමන් desk එකක් උඩට bag එක විසි කරලා commerce එකට ගියා. අපේ සෙට් එකේ පස් දෙනයි. එතනින් තුන් දෙනෙක් commerce. මායි අනික් එකීයි bio. හැබැයි දැන් අපේ ඉස්කෝලෙ නෙවෙයි. O level වලට කලින් පොඩි scene එකක් වෙලා results පොඩ්ඩක් ගැස්සිච්ච හින්දා මට අපේ ඉස්කෝලෙට වඩා හොඳ එකකට යන්න result එකක් තිබ්බෙ නෑ. කොහොමත් මට එහෙම යන්න ඕනෙත් නෑ.
.
.
.
.
.
Commerce එකට ගිහින් තරුශියි, ගීෂානියි, සෙහන්සයි එක්ක කියව කියව ඉදලා bell කරද්දි තමා මං class එකට දිව්වෙ. අවුරුදු දෙකහමාරක් මොක්කු ඉන්න class එකක ඉන්න වෙයිද දන්නෙ නෑනෙ,ගාථා කියලා ඉවර උනාට පස්සෙ sectional head මැඩම් ඇවිත් අපිව classes වලට බෙදුවා, මාව වැටුනෙ 12-C(3) එකට, class එකේ ඉස්කෝලෙ පරණ ළමයි 20 යි අළුත් ළමයි 20යි. පරණ අයගෙන් එක්කෙනෙක්වත් මාත් එක්ක fit අය නෙවෙයි මං එහෙම ලේසියෙන් කාවවත් fit කරගන්නෙ නෑ.
13 වසරෙ අක්කලට seminar එකක් තියෙන නිසා අපිට උගන්නන්නෙ නෑ කියලා චතුශි මැඩම් කිව්වා. එයාට තමා අපේ class එක දීලා තිබ්බෙ.
මං පන්තියෙ අන්තිම පේලියෙන් ගිහින් ඉඳගෙන bag එකෙන් bio resource එක අරන් පෙරල පෙරල හිටියා, ඉන්න එකෙක්වත් සෙට් නෑ අවුරුදු දෙකම තනියෙන් ඉන්න උනොත් තමා ආතල්.
"හායි.. මෙතන කවුරුහරි ඉන්නවද.?"
"නෑ"
"මං මෙතනට ආවට අවුලක් නැද්ද.?"
මෙයා නම් පරණ එක්කෙනෙක්. මං කතා කරලා නැති උනාට දැකලා තියෙනවා. හැබැයි මාව නම් sure එකටම දන්නවා.
ඉස්කෝලෙ තියෙන society බාගෙකයි club බාගෙකයි ඉන්න නිසා ඉස්කෝලෙ අය මාව දන්නවා. එහා පැත්තෙ ඉඳ ගන්න නෙ ඇහුවෙ මම ඒකිව උස්සන් ඉන්නැහැනෙ. අනික හිතුනොත් fit කරගන්නත් පුලුවන් නෙ. ඔන්න ඔහෙ හිටපුදෙන්.
YOU ARE READING
Inseparable 🤍 | GL | ON HOLD
Romance"ආදරේ කියන දේ මිනිස්සුන්ගෙන් මිනිස්සුන්ට ලැබෙන විදිහ වෙනස්, ඔයා කාගෙ කවුරු උනත් ඔයාට දෙයක් නැති වෙන්න තියෙනවා නම් ඒක අනිවාරෙන් නැති වෙනවා. ඒ වගේම ඔයාට හම්බෙන්න තියෙන දෙයක් නම් අනිවාරෙන්ම හම්බෙනවා"