Jungkook - මට ටිකක් අමාරුයි මාව එළියට එක්කගෙන යනවද?
Jennie - හරි මේක අන්තිම වතාව
එහෙම කියලා එයා ටිකක් හැරිලා බලද්දි එයාට note වෙනවා hostages ලගෙ අත්වල මාංචු නෑ කියලා. එතකොටම Woojin එතනට ඇවිත් ඇරගත්තු පයිප්ප බටෙන් එයා ගෙ ඔළුවෙන් ලේ එන්නම සැර පාරක් ගහනවා
ඊට පස්සෙ එයාලා ජෙනී ගෙ තුවක්කුව ඇරගෙන එතනින් එළියට යනවා. ඒ වෙලාවෙ Dahee ටයි Namjoon ටයි නින් ද ගිහින් තිබ්බ හින්දා එයාලා මොනවත් දකින්නෙ නෑ
Jungkook ඒ ඩබල ඉන්න තැනට ගිහින් එයාලට කැත විදිහට බනින්න ගත්තා
Jungkook - තොපිලා වගේ සමනල්ලු හින්දා තමයි මේ ලෝකෙම පිරිහෙන්නේ. කාළකණ්ණි අසමජ්ජාතියො
ඒක අහලා Wooyoung ට හොදටම තරහ ගිහින් එයාට හොදටම නෙළනවා. Jungkook බේරෙන්න බැරිම තැන එයාලා පැනලා යන්න plan කරපු එක ගැන කියනවා
ඒක අහලා ඒ දෙන්නම දුවගෙන ගිහින් එයාලගෙ team එකේ අයට මේ ගැන කියනවා
San - එයාලා back door එකට ගිහින් එතන ටික දෙනෙක් වගේ පෙනුණට එතන හුගක් අය ඉන්නවා
කොල්ලො ටික ඉක්මනට එතනට weapons ඇරගෙන ගියා එයාලව නවත්තන්න.
Hostages ලා එතනට යනකොට තමයි දැක්කේ එතන දොරේ ප්ලාස්ටික් බෝම්බ හයි කරලා කියලා. ඒත් එයාලා බලාපොරොත්තු අතෑරියෙ නෑ.
Woojin හොදට එතන check කරා. එතකොට එයාට service trolley එකක් හම්බුණා. එයා ඒක ඇරගෙන ඇවිත් දොර ගාවට දුවගෙන ගියා මැරුණත් කමක් නෑ කියලා හිතලා
එතකොට එතන පිපිරිලා ලොකු සිදුරක් හැදුණා. එයාලා ඔක්කොම ඒකෙන් එළියට ගියා.
Namjoon ට එතකොට ඇහැරිලා තිබ්බා. එයා කට ඇරගෙන කැමරාවලින් වෙච්ච දේ දිහා බලාගෙන හිටියා. එක පුංචි අතපසුවීමක් හින්දා කොච්චර ලොකු වැරැද්දක් වුණාද කියලා එයාටම තේරුණා
පොලිසියෙ අයට එකපාරටම ආපු අයව අදුරගන්න බැරිවුණා. ඒත් පස්සෙ ඒ hostages ලා කියලා දැනගෙන එයාලව එතනින් එක්ක ගියා
Yoongi ව hospital admit කරලා තිබුණා. එයා හිටියෙ කෝමා එකක. Felix Hana එක්ක මල් කඩලා ගෙදර එනකොට තමයි දැක්කෙ Yoongi එයාට හුගක් calls ඇරගෙන කියලා
එයා ඉක්මනටම Yoongi ව බලන්න ගියා. එතකොටත් එයා පරක්කු වැඩියි.Yoongi ගෙ නන්ගි එයා දිහා දුකින් බලාගෙන හිටියා. එයා Felix දිහා බලලා
Jaehee - එයාට මොකද වුණේ? ඔයා මොනවද එයාට කරේ? එයා ඔයාට 16 පාරක් call ඇරගෙන. ඒ මදියට voice message ගොඩක් ඇරගෙන. ඒ තරමටම ඔයා මොකක්ද එයාට කිව්වේ? මට ඇත්ත කියන්න
Felix- මියන්හේ Jaehee මේ ඔක්කොම මගෙ වැරදි
Jaehee- Jungkook වෙන කෙල්ලෙක් එක්ක ඉදලා මට cheat කරා. මට මගෙ ඔප්පවත් මැරිලා යනවා බලන් ඉන්න බෑ
ඊටපස්සෙ එයා Felix ට accident එක record වෙච්ච තැන cctv footage එක පෙන්නනවා. Felix ට ඒක දැකලා එයාට මුහුණ දෙන්න බැරුව
Felix- මමයි එයයි කේස් එක ගැන විතරයි කතා කරේ.
කියලා යන්න ගියා
Flashback
Yeosang Namjoon ඉන්න කාමරේට ආවා. එදා Namjoon ට හුගක් අමාරුවෙලයි තිබ්බේ. ඒක හින්දා එදා එයා rest කරා
Yeosang - Professor ඔයාගෙ plan එක සුපිරියි. ඒක ඔයාගෙම එකක්ද?
Namjoon - නෑ
Yeosang - එහෙනම් කාගෙද?
Namjoon - පුංචි කාලෙ මම හුගක්ම හිටියෙ hospital එකේ. දවසක් මම එහෙම ලෙඩ ඇදේ ඉද්දි මගෙ අප්පා film එකක් ගැන කිව්වා. ඒකෙ තිබ්බෙ කට්ටියක් බැංකුවක් ඇතුළට කාටවත් කරදරයක් නොකර ගිහින් සේප්පුවකින් තමන්ට ඕන දේ ඇරගෙන ෂේප් එකේ මාරු වෙලා ගිහින් තමන්ට වෙච්ච අසාධාරණේට පළිගන්න එක
Yeosang - මොකක්ද ඒ film එක?
Namjoon - inside man. ඒත් එදාම එයා gun shot එකකින් අපි සල්ලි ගන්න යන bank එක ඉස්සරහ මැරුණා
Yeosang - ඔහ් ඒකත් එහෙමද?
෴෴෴
එහෙම හැම දෙයක්ම ගාණට කරගෙන ගියපු නම්ජූන් හැමදේම හරියට කරගෙන ගියත් එයාට හැමදේම වරදින්නත් පටන් ඇරගෙන තිබුණා
To be continued...
BINABASA MO ANG
ꪑꪮ𝘳ꫀ 𝓽ꫝꪖꪀ 𝘴𝓽ꫀꪖꪶ𝓲ꪀᧁ|| Ateez✅
Fanfictionහැමදේකටම වැඩිය සල්ලි ලොකු වුණ කාලෙක Soul වල National Bank එක කොල්ලකන්න සෙට් එකක් ආවොත් කොහොම තියෙයිද ඒකත් මහ මොළකාර Professor Namjoon ගේ Plan එකකට වැඩ කරන set එකක්. Cover by @Silvermirror23