episode 02

27 5 1
                                    

ඔයාට කවදහරි උපන් ගමින් යන්න වෙලා තියෙනවද ...
ඒක ගොඩක් අමාරු කටයුත්තක්.
මම දන්නෑ මේ හැගීම ඔයා විදල තියෙනවද කියලා...

ඒක හරියට අම්මා දාලා ඈතකට යනව වගේ...

මට එදා මුලු රෑම නින්ද ගියේ නෑ ..
මම හැමවෙලේම දිග හුස්මක් ගත්තා..
මට නැවුම් සුලග එක්ක හුස්ම ගන්න ඕන වුනා. .

එක අතකින් අවිනිශ්චිත තෝකියෝව ගැන යුශිරා කියපු හැම කතාවක්ම වගේ මගේ ඔලුවේ සක්මන් කරා ..

පාන්දර හතරයි .
එක්කෝ වෙලාව ඉක්මනට ගියා .
නිදි නැති රැයවල් දිගයි කියන එක අමූලික බොරුවක්..
මට එදා එහෙම හිතුනා.

මම මගේ ලග තියෙන හොදම කිමෝනාවෙන් ලෑස්ති වුනා ..
මගෙ කොණ්ඩෙ නිදහසේ තියන්න හිතුවා..

ට්‍රන්ක පෙට්ටියේ මගේ ඇදුම්, වියදමට යෙන් දහයක්, යුශිරගේ ස්කාප් එක වගේ ම කැවිලි මල්ල ,තව මගේ දිනපොත ,ඕසෝව මතක් වෙන්න එයා මට උපන්දිනයට තෑගී කරපු බොල්පොයින්ට් පෑන

මේ ඔක්කොම මම ගානට ඇසුරුම් කරා ..

යුශිරා කියපු හැම වචනයක් ම මගේ ඔලුවේ සක්මන් කරා .
ඒ හින්දම මම මගේ මූණ හංගගන්න සිනිදු රෙදි කැබැල්ලකින් මුහුණෙන් බාගයක් වසා ගත්තා..

බිම් තැන්නට ඉර වඩින්නත් කලින් අපි පිටත් වුනා.
පුන්චි නැන්දා  මාව එක්කන් යන්න ඉදරිපත් වුනා .
තරු මී වලින්  එලියට ගිය තුන්පාර නැත්නම් හතර පාර ජීවීත කාලයටම.
ඒකත් ලගම ටවුමට ...

තෝකියෝව මීට වඩා ගොඩක් ලොකු ඇති .මාව අතරමන් වේවීද.

මුලු රෑම නිදි නැතුවත් මගේ ඇස් ලග නින්ද පේන මානෙකවත් ඉදියේ නෑ .
ගවුම් කොන හයියෙන් අල්ල ගන්නව.
ඇහේ කලු ඉංගිරියාව සක්මන් කරනවා.
වචන පැටලෙනවා..

මම හිතන්නේ මම බය වෙලා එහෙම නැත්නම් කලබල වෙලා...

ජීවිතේ මනුස්සයෙක් ට එහෙම හැගීමක් එක අතකට දැනෙන්න ඕන .
ඇදුනුම් කමක් වත් නැතුව මිනිස්සු නගරෙක තනි වෙන්න ඕන .
සමහර විට මිනිස්සු බයටම ශක්තිමත් වෙනවා...
ජීවිතේ කවුරුවත් අපේ පස්සෙන් එන්නෑ ආරක්ෂා කරන්න කියලා.
හෙවනැල්ල විතරයි අපේ පස්සෙන් එන්නේ
ඒකත් අන්ධකාරය වෙලාවට පැනල යනවා..

අවාරයේ සකුරා Where stories live. Discover now