episode 08

20 3 4
                                    

ජීවීතේ තමන්ගෙ උරුමක්කාරයා යැයි සිතන බොහෝ පෙම් කථාවන් දෙක තුනක අවසානයේ සැබෑ උරුමක්කාරයා මුණගැසීම
අහබුවක් නොවන බව ඔබද මමද
දනිමු....

ඇතැම් විට මෙය කියවන ඔබ තම හිමිකරුවා සදහා ආදරය ගබඩා කර ඇති අයෙකු විය හැක .
එසේත් නැතිනම් උරුමක්කාරයින් යැයි සිතූ පෙම්වතක බොදව ගිය දුක් කදුලු සිහින දකිමින් සිටිනු විය හැක.
එසෙත් නැත්නම් නුබට නුබගෙ ආදරවන්තයා සැබෑවටම මුණ ගැසී ඇත ...

සත්තකින්ම නුබ කැමති නම් නුබ මෙතනින් කුමන කුලයකට අයත් දැයි පවසන්න ....
මා එවැනි කතාවන් ඇසීමෙ බලාපොරොත්තුවෙන් සිටිමි...♡

______________________________________

" අසහි...."

" ම් ...ම් ..."

ඕසෝ මගෙ නිරුවත් පපුව මත වැතිර ඇගිලි තුඩු වලින් රටා අදිමින් මදෙස ඇස් කොණින් බැලීය ....
ඔහුගේ දෙනෙත් මායාවක් ම විය ...
එම මායාවෙ පැටලුන මා දින ගණනාවක් ම ඇසි පිය නොහෙලා බලා සිටීමට තරම් මා උන්මත්තකයෙකි.

" මා නුබගෙ පලමු හාදුවේ හිමිකරු ද ..?"

හදිසියේ ඇසු බලාපොරොත්තු නොවූ ප්‍රශ්නයෙන් මම තරමක් කැලඹුනි. එයට මට පිලිතුරු ඇති මුත් ඕසෝගෙ හිතේ තවමත් සැකයක් හෝ යම්කිසි යමක් සචී ගැන තිබෙන බව මට දැනුනි...
මා ඔහුගෙ සුසීනිදු කම්මුල් පිරිමදිමින් කිසිදු අභ්‍යන්තර හැගීමක් පිටට නොපෙන්වා සිහින් සිනාවක් දුනි .

" නිසැකවම ඒ නුබ...."

" ඇත්තමද..."

" ම්...ම් ..."

මම ඕසෝව මගෙ ඇගෙන් අයින් කරවා ඇද මිට්ටමට හේත්තු වී හිත නිදහස් කරගැනීමට සියලු දේ ගැන ඔහුගෙන් ඇසීමට තීරණය කලේය .   

" ඇසිය යුතු දෙයක් නම් ඔබ ඇයි සගවන්නෙ ඕසෝ..."

" නෑ එහෙම මොනවත් නෑ ..."

" බොරු කියන්න එපා ...නුබ ඔය මගෙන් නොකියා අගවන්නෙ මාත් සචී සන් අතර ඇති පටලැවිල්ල ගැන ඇතී සැකය නෙවේද..."

එවර ඔහුට උත්තරයක් නොතිබුනු අතර හිස් හැගීමෙන් මදෙස බලා වෙව්ලන දෙතොල් වලින් යමක් කීමට සැරසුණි.

අවාරයේ සකුරා Where stories live. Discover now