episode 05

26 3 15
                                    

කාටත් හොරාට අයිලීන් මන්දිරයේ රහස් ද්වාරයෙන් අඩි තිය තිය කෑලි කපන්න පුලුවන් කට්ට කලුවරේ මගේ හයියට මට කියලා තිබුන ලන්තෑරුම් එලිය පරිස්සම් කරන් මම ඉස්සරහට ගියා
පඩි විස්සක් විතර බැස්සට පස්සෙ තිබුනේ හිස් ශාලාවක් ..
ශාලාවේ බිත්ති වහගෙන තිබුනේ පැරණි ඒත් අමුතුම ලස්සනක් ගෙනෙන තෝකියෝ නගරය ඇදපු චිත්‍ර කිහිපයක්.
ලොකුවට දූවිලි සුවදක් දැනුනේ නෑ .ඒත් මලානික එලියෙන් වුනත් මට හිතා ගන්න පුලුවන් මේ ශාලාව පිරිසිදු කිරීම් කරන්නෙ සතියකට පාරක් වගේ කියලා .
මම ලන්තෑරුමත් අත උඩට කරලා අල්ලන් ශාලාවේ හැම කොණක් දිහාවටම මගේ උකුසු ඇස් යැව්වා .
ශාලාව කෙලවර තවත් පඩිපෙලක්. ඒකෙ පලල බොහොම කෙටියි. හරියටම මගේ ඇගෙ ගානට දශයමක් විතර වැඩි ඇති ඕන නම්..

මගේ ඔලුවට විද්‍යාත්මක සමීකරණයක් විසදගන්නවුනා වගේ විකාර වුනා අයලීන් මැදුරේ සැලැස්මට .ප්‍රධාන දොරෙන් ඇතුලට ආවහම පේන්නේ ඔකුසං කට්ටියට කියනවා වගේ සාමාන්‍ය පරණ බඩු මුට්ටු තියෙන ගබඩා කාමරයක්. ඊටපස්සේ ඒකෙන් පහලට තියෙන පොඩි උමං පඩි පෙලේ පහලට ආවහම තවත් ශාලාවක්. ඒකෙන් තමයි උඩුමහලට යන්න පඩි පෙල තියෙන්නෙ. ඒ කියන්නෙ ප්‍රධාන ශාලාවේ බිත්ති ඇතුලෙන් තමයි පහල ශාලාවේ ඉදන් තියෙන පඩිපෙල යන්නෙ .
මගේ කුරුලු මොලේ ට පලවෙනි වතාවටද කොහෙද මෙච්චර ඉක්මනට දෙයක් තේරුම් ගියෙ ...

මම මේ හැමදේම කල්පනා කරේ පහල මහලෙන් උඩු මහලට යන පඩිපෙල නගින ගමන්. මගේ හිතට කලබල ගතියක් නොසන්සුන් කමක් දැනෙනවා. මම මේ ලොකු වැරැද්දක් ද කරගත්තේ.
කවදහරි මම මේකට පසුතැවේවීද...
මටත් ඕන නැති මගුලක් නෑ දවස තිස්සේ මැරිල මැරිල වැඩ කරල තීන දෙයක් කාලා බීලා නිදා ගන්නේ නැතුව එනව මෙතන බටනලා වාදකයෙක් ගැන හොයන්න. හොදටම පිස්සු..

මගේ හිත මටම බනින්න ගත්තා.පඩි පෙල ඉවර වුනු තැන තිබුනේ ලීයෙන් කරපු දොරක්.
ඒකෙ අගුල දාලා තිබුනේ පිටින්. පපුව එකසිය ගානට ගැහෙද්දි වෙව්ලන අත් වලින් මම අගුල කරකවලා දොර ඇරියා.
මහ මූසල ක්රීං සද්දයකින් දොර ඇරැනා.
මෙච්චර වෙලා කිසිම තීරණයක් ගන්න දෙපාරක් නොහිතුව මම කාමරේට ඇතුල් වෙන්න දෙපාරක් හිතුවා.කාමරේ ඇතුලේ මලානික ඉටිපන්දම් එලි කිහිපයකම ආලෝකය මගේ ඇස්වලට පෙනුනා .කවුරුහරි මේකෙ ඉන්නවා .
වෙන දෙයක් වෙද්දෙන් කියලා මම දිග හුස්මක් අරන් කාමරය ඇතුලට අඩි දෙක තුනක් තිබ්බා.
ඒකත් එක්කම වේගයෙන් දොර වැහිලා ගියා .තව ටිකෙන් ගැස්සුණ පාරට ලන්තෑරුමත් බිමට වැටෙන්න ගියා .

අවාරයේ සකුරා Where stories live. Discover now