episode 15

17 4 11
                                    

අසහි ක්‍රම ක්‍රමයෙන් සුව වන ලකුණු පහව වුනි .
ඔහු පෙර දිනවල සිටියාට වඩා ක්‍රියාශීලී වන්නට විය . නමුත් ඔහු සමාජශීලී මිත්‍රශීලී අයෙක් බවට පත් වූයේ මන්දගාමීව ය ...
සචී සන් ගෙ වේදනා අපහසුතා උත්සන්න වූයෙන් ඇයව කෝබේහි රෝහලේ නවතා ප්‍රතිකාර කිරීම සුදුසු යැයි මියන්හි හා යත්සුකෙ ගෙ තීරණය විය .
යුශිරා ට එය බොහො අස්වැසිල්ලක් විය ..
කෙසේ නමුත් තරුමී වල මෝසම් කාලගුණය සක්‍රීය වීමත් සමගම පැතිර ගිය වෛරස් උණ රෝගයක් හේතුවෙන් සචී සන් තරු මී වලට ආසන්න ගමෙහි වෙද ගෙදරක නවතා ප්‍රතිකාර පටන් ගන්නා ලදි .ඇගෙ තනියට යුශිරා පමණක් එහි ස්ව කැමැත්තෙන් ම ගියාය ...

අසහි සචී සන් මුණ නොගැසුනා යැයි කීම සම්පූර්ණයෙන්ම සත්‍යයක් ම නොවෙයි..හෙතෙම දෙතුන් දිනක් සචී සන් ගෙ කාමරයේ ජනේලය ලගට ගියේය ..ඒ රහසින් ලැබුන යුශිරාගෙ ලියමනකට අනුව ය ..එහි සඳහන් වූයේ සචී සන් බරපතල ලෙස නිදිවර්ජිතව සිටින බවත් තමා කොතෙක් දේ කලත් එය මග නොහැරෙන බවත් බොහෝ දුරට එය අසහිගෙ බටනලා වාදනයෙන් සුව වනු ඇති බව තමා විශ්වාස කරන බවත් ය ..
මෙකී ගමන ගැන අසහි ඕසෝටවත් නොදැන්වී ය .
යුශිරා සිතූ පරිද්දෙන් ම එය එසේ සිදු විය ..සචී සන් බටනලා වාදනයත් සමග දැහැන් ගත ව සුව නින්දකට වැටුනි ..සචී සන් හට අසහිගෙ බටනලා හඬ ඇසුනද ඔහු තමා සමීපයෙන් සිටින වගක් සිතා ගත හැකි තරම් සිහියක් නොතිබුනි .එම නිසාවෙන් ඔවුන් අතර කිසිදු වචනයක් හුවමාරු නොවීය..එනමුත් යුශිරා බොහෝ වාරයක් අසහිට ස්තූතිවන්ත වුනි. අසහි ද සචී සන් ගෙ තත්ත්වය තමාට පුලුවන් හැම විටකම කුමන හෝ ආකාරයකින් දන්වන ලෙස යුශිරාගෙන් අයැද සිටියේය.

අසහි සිතා සිටියේ මේ ගැන දැනුවත් අයවලුන් ලෙස සිටියේ තමාත් යුශිරාත් අඩ සිහියෙන් යුතු සචී සන් පමණක් වන බවයි .සත්තකින්ම ඒ මියුරු  වස්දඬු රාවය අසා සිටි තවත් අයෙකු විය ..ඒ ඕසෝය...ඕසෝ මේ සියල්ල දුටුවේය ..මේ සියල්ලටම ඇහුම්කන් දී සිටියේය ..ඔහු අසහිට ඒ ගැන අංශු මාත්‍රයක තරම් ඉඟියක් වත් නොදුන්හ. ඔහු තම කවුලුවට හිස ගසාගෙන බටනලා වාදනයට දෑස් පියා ගෙන සවන් දුන්නේය ..මෙය නැවතෙනුයේ සචී සන් වෙද නිවාසයේ නතර කලායින් පසුව ය ..

අවාරයේ සකුරා Where stories live. Discover now