episode 03

16 4 5
                                    

ජීවිතේ කිසිම කෙනෙක් විදවන්න හොද නැති දෙයක් තියෙනවා.

තාවකාලික ව වුනත් තමන්ගේ පවුල දාලා කොහේටහරි යන්න වෙන එක ..

එහෙමත් නැත්නම් හුරු පුරුදු පරිසරයෙන් ඈතකට යන්න වෙන එක ..

ඒක හිතට දරා ගන්න බැරි පාලුවක් තනිකමක් ගේන කාරණයක්...

ඒත් මිනිස්සු වැඩිපුරම ආදරය කරන්නේ දෙයක් තමන්ට නැති වුනාමලු..

කෙනෙක් තමන්ගෙන් ඈතට ගියහමලු..

සමහර විට ඒක ඇත්තක් වෙන්නැති.
ඕසෝ පොත් කියව කියව අපිට කියල දෙන සමහර දේවල් කාලයා මට උගන්වන්න ලෑස්ති වෙනව වගේ හැගීමක් මට දැනුනා ...

තෝකියෝවේ දවස් හරි ම ඒකාකාරී වගේම කාර්යබහුලයි..

සීත කාලය ලග නිසාම සීතල ගොඩක් වැඩි.
ඒත් තාම හිම වැටෙන්න පටන් අරන් නෑ ..

උදේ පරක්කු වෙලා ඉර ඇවිත් හවස වේලාසනින් ගෙදරට දුවන කාලයක් නේ මේ ..

යුශිරා දුන්න ඉස්කාප් එකට පින් සිද්ධ වෙන්න මාව ගල් නොගැහී බේරෙනවා...

මම දැන් හ්වාන්ගුන් මන්දිරයේ පිරිසිදු කිරීම් අංශයේ සේවිකාවක්..

උදේ පාන්දර හතරට නැගිටිනවා.
ඊටපස්සේ දඩි බිඩියේ මන්දිරයේ පහල මාලයේ බිම සුද්ධ කරන්න ඕන ..

ඒක පහල මාලයක් කිව්වට අක්කර ගානක් වගේ ලොකුයි කියලයි මට දැනෙන්නේ..

මුලින්ම එල්ලල තියෙන සිතුවම් වගේ දේවල් වල දූවිලි පිසිනව
ඊටපස්සේ අතු ගාන්න ඕන ...

ඊටපස්සේ ඒවා වීදුරු වගේ දිලිසෙන්න තරම් කොදු කඩන් මදින්න ඕන ...

උඩ මාලයට නගින ලී පඩිපෙල...
එතකොට ජනේල...

මේ ඔක්කොම දියමන්ති වගේ දිලේසෙන්න තරම් අත් දෙකෙන් මදින්න ඕන ...

තරු මී ඇහරෙන්නේ ඉරත් එක්ක වුනාට තෝකියෝව ඇහරෙන්නේ ඉරටත් කලින් කියන එක මට තේරුනේ ආපු දවසෙම ...

ඉර පරක්කු වෙලා උජාරුවෙන් එනකොට දොර ජනෙල් ඇරල පිලි ගන්නත් එපායැ...

කුරුලු සද්ද නම් ඇහෙන්නේ නැති තරම්..

පහල වීදියේ වෙලෙන්දන්ගේ සද්ද බද්ද ..
එතකොට ඉස්කෝලවලට යන ලමයින්ගේ සද්ද බද්ද
එහාට මෙහාට දුවන වාහනවල සද්ද බද්ද..
එක්තරා විදිහකට තෝකියෝවේ මිනිස්සු බාගෙට බාගයක් දුක් විදිනවා වගේ හැගීමක් මට දැනුනා...

අවාරයේ සකුරා Where stories live. Discover now