episode 17

19 4 6
                                    

කතාවක හොඳම හරිය මොකක්ද කියල ඇහුවොත් ඒ තමයි කෙනෙක් ට ආදරය හමුවෙන හරිය..
ඒකෙනුත් ලස්සන ම ප්‍රථම ප්‍රේමය ජීවීතයට ආවඩන හරිය ...

ආදරෙත් තියෙනවා එක එක ප්‍රභේද අපි පොදුවේ ඔක්කෝටම කිව්වේ ආදරය කියන වචනය .
සම්මත අසම්මත කියල ලෝකයාම ප්‍රධාන කොටස් දෙකකට බෙදුවම මේ දෙකටම පොදු ආදර ප්‍රභේද තියෙනවා.
හමුවෙලා ආදරය කරල නොලැබිලා යන ආදර කතා වගේම එක්කෙනෙක් විතරක් ආදරය කරපු ඒකපාර්ශ්වීය ආදර කතා අතරේ තියෙනවා කවදාවත් ආදරෙයි කියලවත් නොකියපු අප්‍රකාශිත ආදර කතා ..
අමතක කරන්න එපා මේ හැමදේටම අපි කිව්වේ ආදරය ...

LOVE IS LOVE

  " හුදෙකලාවත්
   කලාවක් බව
    ඉගැන්වූ
    ගුරුවරයෙක් ය
   ඒකපාර්ශ්වීය ප්‍රේමය...."

තුන්කොන් ආදරයක් ඇතුලෙ එක්කෙනෙක් තනි වෙන එක ඒකාන්තයෙන්ම වෙනවා. ඉතින් කවුද ගුරුවරයා මෙතන ඒ විරහවේ පාඩම උගන්වන ...
එක්කෝ අසහි සචී සන් ට ඒ විෂය උගන්වාවී
නැත්නම් ඕසෝ ට ....
එහෙමත් නැත්නම්....

               ?

මෝටෝ රථ කෑ ගැහිලි වලින් ඈත්ව
කරදරකාරී සද්ද බද්ද එලවා දමා
හොද සීතල සුලං මැද තේ දල්ලක සුවඳ මතක් කරමින් මං කියන පාරේ එන්න යන්න තරු මී වලට ...
අපි බෝට්ටුවකින් යමු ..
නිල් පාට පෙණ කැටි එක්ක පණ ගහන රැල්ල එක්ක ඔට්ටු වෙලා අඩිය තියමු සුනිදු වැල්ලට
එතනින් එහාට තියෙන වන වදුලේ ඕක් හෙවනින්
අයිරිස් මල් , ලිලැක් මල්,  ජපන් කැමීලීයා , ප්‍රිම්රෝස් මල් සුවඳ ඔස්සේ අපි යමු ලොකු ගෙවත්තක් මැද කෙරූනු  එකී නිවහනට ....

ආදරයේත් විරහවේත් පාඩම් ඉගැන්වු තරු මී
නිවහනට

__________________________________________♡

" ඕසෝ ...එහි නම ඕසෝ ...."

අසහි එසෙ කියත් ම ඕසෝ චෙරි ගෙඩියක් මෙන් රතට හැරුනි. ඕසෝ මද සිනහවක් නංවා එතැනින් පිටවුනි..

කාලය ගිජුලිහිණියෙකුගෙ වේගයෙන් ඉගිල ගියේය .මෝසම් සුලඟ තම කුණාටුද අකුලාගෙන සුපුරුදු සාමකාමීත්වය ඉතිරි කොට තරු මී හැර දමා ගියේය ..සෞම්‍ය ග්‍රීෂ්මය තරුමී කරා පැමිණියේ තරමක වේගයෙන් ය ...
සචී සන් ගෙ ආශ්චර්යවත් ප්‍රාර්ථනා සමග මුසු ව ඈ බලාපොරොත්තු වූ පරිද්දෙන් ම වෛද්‍ය ප්‍රතිකාර මත අසහි සුව ලැබුවේ ය ..
කෙසෙ නමුත් දීර්ඝකාලීන විශ ඉවත් කිරීම එකවර කල නොහැකි බැවින් වෙදැදුරා ඖෂධ කැඳ වර්ගයක් සතියකට දෙවතාවක් බැගින් අවුරුද්දක් ම බොන්නට නියම කල අතර ඔහු කිසිදා ආහාරයට නොගත යුතු හතු වර්ග , මස් වර්ග , මාලු වර්ග ලැයිස්තුවක් ලබා දුනි .ඕසෝ එය කටපාඩමින් මතක තියා ගත් අතර මියන්හි ට ද එය කට පාඩම් වනතුරු නිරන්තරයෙන් මතක් කලේය ..
වාර අවසාන නිවාඩු නිමා කොට ඕසෝ විශ්ව විද්‍යාලයට යා යුතුව තිබුනි .කෙසෙ නමුත් ඕසෝ සති තුනකට වරක් තරුමී වෙත පැමිණ දවස් ගණනක් හිඳ නැවත යාමට තීරණය කලේ ය . මීට පෙර ඔහු මාස තුනක් විශ්ව විද්‍යාලයේ ගත කොට සති දෙකක නිවාඩුවට තරුමී වෙත පැමිණියේය .
නිදහසට කාරණා ලෙස ඔහු තමාට එහි ආහාර ගැන සතුටු නොවිය හැකි බවත් තමාට අධ්‍යන කටයුතු සමග දැනෙන ආතතියත් ගෙන හැර පෑවේය. ඊට අමතරව පාඩම් වැඩ කටයුතු කිරීමට ගම වඩාත් නිස්කලංක හා හොඳ බව ඔහු පැවසුවේය. යත්සුකෙ හා මියන්හි කිසිවක් පැවසුවේ නැත .ඔවුන් ඕසෝ ට කිසි විටෙක තීරණ ගැනීමට බල නොකලේය. ඔහුගේ තනි තීරණ වලට පවා ගරු කරේ ඒවා හැම අතකින් ම නිවැරදි ඒවා වූ බැවිනි .

අවාරයේ සකුරා Where stories live. Discover now