episode 12

25 3 6
                                    

"ඒක මහ බරසාර දුකක් වචන කරල සරලව වුනත් පපුවේ ගැඹුරු ම තැනින් කියපු කතාවක්. වචනයක් වචනයක් ගානේ එහෙම දේවලුත් මිනිසුන්ට දරා ගන්න පුලුවන් ද කියල මම මගෙන් ම අහපු කතාවක්...ඒක තනිකරම මගෙත් කදුලු අවුස්සපු කතාවක්...
මම වෛර කරන්න කොච්චර හිතුවත් ඒ වෛරයෙ  ගින්නට හැමදාම පෙනුනෙ හ්වාන්ගුන් මන්දිරය ..
මට්සු මහත්තයා, ඔකුසං, ශින්ගෝ මහත්මිය...
ඒ වෛරයේ සදාතනික ග්‍රාහකයෝ වුනෙ එයාල විතරයි. මට ඕසෝට වෛර කරන්න බෑ මට අසහිට වෛර කරන්න බෑ ...ඒත් මට මටම වෛර කරගන්න පුලුවන්..ඒ මොන හේතුවක් මතද...

කිසිම පදනමක් නැතුව පිරිමියෙකුට ආදරය කරාට ....

අසහි කවදාවත් මට ආදරේ කරේ නෑයි කියල හිතන්නවත් මම ශක්තිමත් නැහැ .නෑ අසහි මට ආදරය කරා ..ඔහු මට ආදරය කිව්වෙ නෑ ...
(ඒ මම හිතා ගත්ත හැටි ...)
මට්සුගෙන් මම ගැහැනියක් වුන බව කියද්දී ඔහු මට වුන අසාධාරණය වෙනුවෙන් නහර වැල් ඉලිප්පෙන කේන්තියක් ගත්තා. ඔහු මාත් එක්ක ඕනම තැනකට යන්න එකඟ වුනා ..
මිනී පෙට්ටි දුම්රියේදී ඔහු මගේ උරහිසට හිස තියා ගෙන කවදාවත් කාටවත් නොකියූ ඔහුගේ ම රහස් කතාව කිව්වා. ඔහුගේ ඇස් වලින් බේරෙන කදුලු මම පිහදැමුවා වගේම " අඩන්න එපා සචී සන් " නිතරම වගේ කියල මගේ කම්මුල් පිහදැමුවා  ...ඇත්තටම ඔහු මට ආදරය කරා ...
ඕසෝ මට සමා වෙන්න....මම මෙහෙම කීයනවට...හ්වාන්ගුන් මට අපායක් නොවුනා නම් අපගෙ හ්වාන්ගුන් සමු ගැනීම එතරම් කුරිරු නොවුනා නම් නුබට අසහිට අයිතියක් කියන්න ඉඩක් ලැබෙන්නෑ....
එහෙනම් මම ඔහු සමග ගත කරේ සකුරා මල් පිපෙන වස්සානය වගේ සතුටු පරිච්ඡේදයක්. එසේ වූවා නම් ඔහුගේ සතුටෙ නිර්මාතෘ මමයි.
නෑ ඒවා මම හිතන් හිටපු විදිහට වුනෙ නෑ.   සිද්ධ වුනෙ හීනෙන්වත් නොහිතපු දේවල්..මං ඔහු සමග ගත කලේ අවාරයක්  .සකුරා අවාරයක් වගේ දුශ්කර කාලයක්. අපේ ජීවිතේ සතුට තිබුනෙ ඈතට ඈතට වගේ. ඔහු ඉදියේ මරණාසන්න වුනත් මරණයට බොහො කැමැත්තකින්.
ඒත් මම අසහිව තරුමී වලට ගෙනාවා. ඒ හ්වාන්ගුන් අපායෙන් නිදහස් කරගන්න .ඔහුව සදාතනික ව සුව කරා ..ඔහුට අලුත් ජීවිතයක් ගෙනාවා ..ඔහුට කුල්මත් බලාපොරොත්තු දුන්නා. හිනාව දුන්නා...
ඒ මම නෙවෙයි ඔබ ....
ඉතින් මමයි අවාරයේ සකුරාව...
ඔබ නෙවෙයි ඕසෝ....

අවාරයේ සකුරා Where stories live. Discover now