episode 10

19 3 6
                                    

මිනිසුන්ට තම රංගන හැකියාව එලිදැක්වීමට වේදිකාව අවශ්‍යම අංගයක් නොවන බව මට වැටහූයේ ඔවුන්ගේ අතිවිශිෂ්ට රඟපෑම් නිසාවෙන් මගේ ඇහිබැමි සමග ඇස් විශාල වූ අවස්ථාවන් දෙක තුනකට පසුවය ....

  සාමාන්‍ය මිනිසුන්ද අතිවිශිෂ්ට නලුවෝ වීමට තත්පරයක් වත් ගත නොවේ. වේදිකා පසු තල ,වෙස් ගැන්වීම්, වත්සුණු කිසිවක් නැතුවද ඔවුනට රගපෑමට හැකි වීම සුවිශේෂී හැකියාවකි...

අසහිගෙ වියලි හිස් දෙනෙත් සචී සන් ගෙ මුහුණ දෙසට යොමුවී තිබුනි. ඇගෙ දෙනෙත් වල සිතුවම් වූ හැගීම මේ ආකාරයෙන් ම   ෂින්ගෝගෙ කෲර හැසිරීම දැක තම මුහුණ මත සිතුවම් වී තිබුනි. අසහිට මේ අවස්ථාවේ බොහො විවිධාකාර හැගීම් ගණනාවක් එකවර දැනෙමින් පැවතුනි.
එක් අතකින් ඔහුට සිදු වීමට යන අවිනිශ්චිත බව ගැන බියක් දැනෙ. තවාකාරයෙන් සචී සන් කෙලෙසීම ගැන ඔහුට මුලු මන්දිරයම ගිනි තැබීමට සිතෙන තරම් කෝපාග්නියකි. තවත් විදිහට සචී සන් ශින්ගෝ ගැන කියූ කරුණු වලින් දැනෙනුයේ උපහාසයකි. ඊට අමතරව සචී සන් තමා මෙන් රැවටුනු බව හැඟවෙත්ම දැනෙන්නෙ ඇය ගැන කරුණාවකි...
පුදුමයට කරුණු නම් මෙ කිසිදු හැගීමක් ඔහුගේ මුහුණෙ සිත්තම් නොවී සුදු කඩදාසියක් මෙන් හිස්ව තිබීමයි .

සචී සන් සැබැවින්ම මෘදුය .ඇය ළාමකය. සිදුවුනු සන්තෑසීයෙන් පසු මෙලෙස හෝ ඇය දෙපයින් නැගි සිටීම ම හොදටම ප්‍රමාණවත් ය ...
එයට රහසක් ඇත ...මිනිසුන් උපතේදීම ළාමකය. මෘදුය ...ඔවුනට අත්විඳීමට ලැබෙන අත්දැකීම් වඩා යහපත් වන තාක් ඔවුන් මෘදුය . මරණීය වේදනාවන් ගෙන දෙන අත්දැකීම් පෙලට  හමු වුවහොත් එකී ළාමකත්වය ඔවුන් කෙරෙන් පලා යයි.

අසහි හැගීම් දහසක් ඉදිරියෙහි දෝලනය වෙයි.සචී සන් ද එසේමය .ෂින්ගෝ වෙතට සචී සන් සියල්ල පැවසුවහොත් නැවත කිසිදිනක සචී සන් හුස්ම නොගන්නා බව නිසැකය. බොහෝ දුරට ඉන් ටික දිනකින් තමාද හුස්ම නොගනු ඇත ..
සචී සන් ගෙ මානසිකත්වය ගැන අසහිට හොද දැනුමක් ඇය ආශ්‍රය කර ටික කාලයෙන් ලබා ගත හැකි විය . සුලු දෙයටත් කලබල වන ඉක්මනින් සතුටටත් දුකටත් පත්වන නිතර සැහැල්ලුව හා සිනහව හඹා ගිය ඇය දැන් සිටින්නෙ මින් පෙර කිසිදිනක නොදූටු ආගන්තුක හැගීම් මුහුණේ පුරවාගෙනය. ඇගෙ බිදවැටුනු මානසිකත්වය ට තමාට ද සිදු වූයේ කුමක්ද යන්න පැවසීමෙන් පසු ඇය සිහි සුන් වුනත් පුදුමයක් නැත ..
අසහි තවත් පැත්තක් ගැන සිතුවේය. හොදයි සචී සන් ට සියලු සත්‍යය පැවසුවා යැයි කියමුකෝ...ඉන්පසුව කුමක්ද සිදු වන්නෙ...?
කුමක් කිරීමටද සිදු වන්නෙ ...?
නැවතත් සචී සන් සුව වුනු පසුව හ්වාන්ගුන් මන්දිරයට සේවය සපයනු ඇත. බොහෝ දුරට ඇයට ලිංගික ශ්‍රමිකයෙක් වීමටද සිදුවනු ඇත ...තමා කෙතරම් කාලයක් ජීවත් වේවිද..තවමත් විස යෙදූ තේ පානය නිසාවෙන් ශරීරය බොහෝ දුර්වලය..බොහෝ දුරට ඉතුරු කාලය තුල බටනලා වැයීමටද හැකියාවක් නොලැබෙනු ඇත ...
තමා මිය යයි. නමුත් සචී සන්...
ඇයව මෙවැනි අපායක තනිකර යෑමට සිත් නොදේ .....

අවාරයේ සකුරා Where stories live. Discover now