episode 18

9 3 9
                                    

♡_____________________________

හදුනා ගත් තැනින් ම
නිමා වේ නම් ප්‍රේමය
මොන තරම් රිදව්වත්
අදයි ඒකට හොදම කාලය

උපන්නොත් නම් බැඳීමක්
කොහොමටත් උරුමය
මොන තරම් දුර ගියත්
වෙන් වනු නිසැකය

ඉතින් අපේ හමුවීම
අපට විතරක් අහඹු ය
සොඳුර තවම අප
වෙන්වීම පටන් ගත්තා විතරය...

♡__________________________________●

" උබ මහ ආත්මාර්ථකාමී ඉරිසියාකාර ගෑනියක් වෙලා සචී..."

" හොදයි මොකක්ද ඒකෙ වැරැද්ද..."

" අසහි ට ඕනම කෙනෙක් ට ආදරය කරන්න අයිතිය තියෙනවා..."

" එයා ආදරය කරන්න හරි ඉතුරු වෙලා ඉන්නෙ මං හන්දා නෙවෙයි ද යුශිරා..."

" මනුස්සයෙක් ව බේරගත්ත පලියට ඒ මනුස්සයගෙ ආදරය ලබා ගන්න බෑ ..අනික එහෙම හම්බ වුනත් ඒ අර අපි කරපු උදව්වට හම්බ වෙන තෑග්ගක් වගේ හැගීමක් ගේනව මිසක්කා ඇත්තම ආදරය ලැබෙන්නෑ සචී සන්..."

යුශිරාගෙ වචන බොහො සෙමින් නින්නාද වුන අතර ඇගේ දෙනෙත් වල යම් කිසි විදිහෙ දෝමනස්ස පෙනුමක් ගැබ් වුනි .නමුත් සචී සන් ගෙ දෙනෙත් ආවේගයෙන් පිරුනු අතර ද වචන ද සමුරායි පිහි පහරවල් මෙන් උස් ව නැගුනු තියුණූ ඒවා විය..

" හොද යි දවසක ඔබ මට පොරොන්දු වුනා මම මොනව කලත් ඔබ මාත් එක්ක ඉන්නව කියන එක ..."

" හොද යි ඔබ කරන්න හිතන් ඉන්නෙ කුමක් ද ...?"

" මට අසහි ව විවාහ කරගැනීමට අවශ්‍යයි ඒ වගේම ඔහුගේ ආදරයත්..."

සචී සන් එය කිව්වේ ගැඹුරු ස්ථිරසාර හඬකිනි . යුශිරා තරමක් සුදු මැළි වීමට පටන් ගත්තේය.

____________________________________________:♡

ඕසෝ ඉදියේ අමුතුම ආකාරයේ සැහැල්ලුවකිනි.
ඔහු ඇතැම් දිනක ප්‍රීති වූයේ පලමු ගුවන් සැරිය සාර්ථක නිම කල කුරැල්ලෙක් මෙන් ය ..
ඔහුට  විශ්ව විද්‍යාලයේ දීත් එකී සතුට දැනුනි ..ඔහුගේ දෛනික කාලචර්යාවේ වෙලාවක් කලාවක් නොමැති මනෝ ලෝකවල ඇති තරම් අසහි මූණගැසුනි..උදේ නැගිට නින්දට යනතුරුත් ඉන්පසුව ඔහුගේ හීන වලටත් අසහි අනාරාධිතව පැමිණියේය ...
තරුමී ඔහු හා ගත කල සෑම තත්පරයන් ම ඕසෝ සිය දහස් වර තෝකියෝවේ සිහි කලේය .නැවත තරුමී වෙත යන දවස එනතුරු නොඉවසිල්ලෙන් ඇගිලි ගැන්නේය..ඔහුගේ සිත එක්තරා ආකාරයකින් වෙනස් ව තිබුනි .ඔහුද ඒ බව දැන සිටියේය..අසහිගෙ මායාකාරී ඇස් වල තිබුනු ඉන්ද්‍රජාලිකත්වය තමාව වශී කරගෙන ඇති බව ඕසෝ විවාදයකින් තොරව පිලිගත්තේය..
ඒ දෙනුවන් හි ඇසි පිහාටු දිගය..ඕනාවටත් වඩා කාල වර්ණය..ඒ රෑ අහසෙ කලු පැහැය මෙන් තද වර්ණයක් ගත් නිසා කැපී පෙනුනි...එහි සියුම් දිලිසුම ට ඕසෝ පිස්සු වට්ටන්නට සමත් විය ..
අසහි තරුණයකු සතු විය යුතු සියලු අලංකාරයන්ගෙන් හෙබි අතිශය දරුණු කඩවසම් පෙනුමකින් හෙබි අයෙකු විය .

අවාරයේ සකුරා Where stories live. Discover now