episode 14

12 4 12
                                    

සචී සන් දරුණු ගණයේ කාංසාවකට මුහුණ දී සිටියාය. ඔකුසං ද ශින්ගෝ ද මේ වන විට ජීවතුන් අතර සිටිය නොහැකි බව ඈ දැනගෙන සිටියාය
ඊට අමතරව හ්වාන්ගුන් හි ගින්නෙන් බොහෝ අය මරණයට පත් වන්නට ඇති බවත් ඇය දැන සිටියාය. තම කුස තුල උපන් බීජය ද ඈ අමු අමුවේ මරා දැම්මාය ...
සචී සන් බොහෝ කෑම බීම ප්‍රතික්ෂේප කලාය .රාත්‍රිය හෝ මොන යම් ම වෙලාවක දෑස් වැසුන සැණින් ඈට හ්වාන්ගුන් හි ගින්නෙන් පිලිස්සූ අයවලුන්ගෙ පිලිස්සුම් ගන්ධය වහනය වන්නට විය .ඔවුනගෙ වියරු කෑ ගැසීම් ඇසෙන්නට විය ..ඔවුන් තමා ලග සිටින්නාක් මෙන් ඇයට දැනෙන්නට විය.ඇතැම් දිනෙක අත දරුවෙකු කෑ ගසා හඬන ශබ්දයකින් ඈ තිගැස්සී ඇහරෙයි. මෙවන් වූ දින ඇයට නිරතුරුවම මුණගැසුනි. ඈ දෑස් වසා ගැනීමට පවා බය වුනි .

අසහිට සිහිය පැමිණි බව දැනගත්තද සචී සන් ඔහුව දැකීමට උත්සාහ නොකළාය. ඈ දැඩි ලෙස තමන් සුවපත් කරගැනීමට උත්සාහ ගත්තාය .මෙලෙස උමතු වූ ගැහැනියක් සේ ඔහු ලගට ගොස් ප්‍රේමය ඉල්ලීම උචිත නොවන බව ඈ තීරණය කලාය. ඈ තවත් දුකට පත් කරමින් අසහි ද සචී සන් මුණගැසීමට පැමිණීමටවත් උත්සාහ කරේ නැත ..

එදින ද යුශිරා වේලාසනින් ගොස් සචී සන් හවස වෙරලට යාමට තරම් සුවයකින් පසු නොවන බව ඕසෝට දැන්වූවාය . ඕසෝ කිසිවක් කීවේ නැත .එකී අසනීපය ඇත්තටම ඇති වූවකි . ගබ්සාවෙන් පසු සචී සන් එහි ප්‍රතිවිපාක විඳිමින් සිටියාය. නමුත් ඒ බව සහසුද්දෙන්ම දන්නෙ යුශිරා පමණකි .

ඕසෝ දහවලෙහි අසහිට නෑමට උණු වතුර සකස් කලේය ..හේ කිසිද අනුදැනුමකින් තොරව අසහිගෙ දිගු කෙස් වැටිය කැපුවේය.ඒ වෙනවිටත් එය ගැට ගැසී බෙහෙත් තෙල් සමග මිශ්‍ර වීමෙන් බොහො හානියන්ට පත් වී තිබුනි ..අසහි කපා බිමට වැටෙන කෙහෙරැල් දැක කිසිවක් ඕසෝට නොකිව්වේය...ඕසෝ හිසකෙස් ගෙල දක්වා කොට කරේය. ඔහු අසහිගෙ උඩු කය වසා තිබූ කමිසය ගැලෙව්වේය. මෙතරම් සමීපයෙන් ඔහුගේ සිරුර ඕසෝ දැකගත් අවස්ථාවක්  නොවුනි . ශරීරයේ පපුවේ සිට පහල නාභිය දක්වාම තෙල් ගා තිබූ හෙයින් හිරු එලියට සම ඉතා දීප්තිමත් විය .පිරිමියෙකුගෙ ශක්තිමත් මාංශපේෂී ඔහුගෙ සිරුරේ අඩුපාඩුවක් නැතුව පිහිටා තිබුනි..ඕසෝ ඒ සියලු රේඛාවන් නිරීක්ෂණය කලේය ..ඔහුගෙ පිටේ එක් පැත්තක තවමත් තියුණු ආයුධයකින් පසාරු කරන ලද තුවාලයක් තිබුනි. එහි තරමක් සුවයක් තිබුනද සම්පූර්ණයෙන්ම සුව වී නොතිබුනි. ඕසෝ සෙමෙන් පිරිමදිමින් මද රස්න වතුරෙන් කැපුම අවට ප්‍රදේශය මාත්තු කරේය..ඉන්පසු ඔහු හිසකෙස් වලට වතුර වත් කලේය. මුහුණට වැටි තිබුනු හිසකෙස් තෙමා දමමින් දිය පොඳ ඔහුගේ දෙකම්මුල් සහ ලා රෝස පැහැයෙන් යුතු දෙතොල් ද තෙමා දමමින් උගුරු දණ්ඩ ඔස්සේ පහලට ඇදුනි .ඔහුගේ පිරිපුන් මස් පිඩු ද තන පුඩුද තෙමමින් එක් එක් නැවුම් රේඛා ඔස්සෙ දිය දහරාව ඔහුගේ යටිකය වසා ලූ ඇදුම ඇගටම ඇලී යන පරිද්දෙන් පහලට ගලා ගියේය. අසහි ගල මත වාඩි වූ පරිද්දෙන් බිමට හිස යොමාගෙන සිටි හෙයින් ඕසෝගෙ නොසන්සුන් ඇස් නුදුටුවේය. ශරීරයටම ඇලුනු දුහුල් රෙද්ද ඔස්සෙ ඔහුගේ යටි කයෙහි වූ සියලු අංගයන් වඩාත් ඉස්මතු වී පෙනුනි..

අවාරයේ සකුරා Where stories live. Discover now