episode 11

18 3 11
                                    

__________________________♡

අත්දැකීම් මිනිස්සු වෙනස් කරවනවා .
ඔයා පිලිගන්නවද ඒක ....

අත්දැකීම් කියන්නෙ පරිණත බවටම පොදු ලකුණක් නෙවෙයි. මොකද මිනිස්සු අත්දකින හැම දේම හොද දේවල් නෙවෙයි.
කැරපොත්තෙක්ටත් බය වෙන තරමෙ ලද බොලද කෙල්ලෙක් යකෙක් දැක්කත් නොසෙල්වී ඉන්න යකඩ ගෑනියක් කරන්නෙත්
මදුරුවෙක් මැරුවත් අපායේ යයි කියල හිතන පොඩි එකෙක් පිහියකින් දහ දොලොස් පාරක් ඇනල මිනිහෙක් මරපු දාම ඝාතකයෙක් කරන්නෙත් අත්දැකීම්..

" අත්දැකීම් මිනිස්සු වෙනස් කරනවා..."

♡________________________________

ඇවිලෙන ගිනි ජාලාවල් මැද මුලු හ්වාන්ගුන් මන්දිරයේ පහල මාලය ම එකම යුද්ධයක් වුනා ...
වතුර ගේන්න දුවන් යන මිනිස්සු බඩු මුට්ටු බේරන්න දුවන් යන මිනිස්සු
ජීවිතය බේර ගන්න කෑ ගහන්න කාමරවල හිර වුන මිනිස්සු...
කලු පාට ලේ පෙරා ගෙන පිලිස්සුම් තුවාල වලින් මර හඩ දෙන මිනිස්සු...
තව යෞරගෙ දරුණු දත් පාරවල් ඇගෙ ලේ මස් කඩාගෙන ඇතුල් වෙද්දි මර බියෙන් ලතෝනි ගහන මිනිස්සු...
මේ හැමදේම සචී සන් දැක්කා ...
සචී සන් ට ඇහුනා ...
ඒත් ඒ මූණෙ පසුතැවිලි වෙන බවක්වත් දුක් වෙන බවක්වත් දැනුනෙ නෑ ...අඩුම තරමේ මෙතනින් යන්න ඕන කියලවත් එයාට දැනුනෙ නෑ ...

සචී සන් ගෙ ඇස්වල තිබුනෙ මහ හිස් හැගීමක්. ඒ ඇස් වල තවදුරටත් වෛරයක් තිබුනෙ නෑ දුකක් තිබුනෙ නෑ ...ඒ ඇස් වල තිබුනෙ කලු කුහර වගේ ගැඹුරක්...
මනුස්සයෙක් දැනෙන්න පුලුවන් දරුණුම හැගීම ඒක . ඇතුළාන්තය හිස් වුනු මනුස්සයෙක් කියන්නෙම භයානක කලු කුහරයක්...

   සචී සන් ගෙ ඇස් යොමු වුනෙ අයලීනයට. තෝකියෝවට ආපු මුල්ම දවස්වල අයලීනය තමන්ට කොච්චර සමීප වුනාද කියන එකට කරුණු කාරණා සචී සන් එකින් එක මතක් කරන්න ගත්තා...රෑ දෙගොඩ මැදියමෙ තනිකම මකන්න උදව් වුන බටනලා හඩ...
ඒ ඔස්සේ හම්බ වුන පලවෙනි යාලුවා යෞර. තමන්ට කතා කරන්න ඉදපු එකම මනුස්සයා අසහි ...

    ඇත්තටම කිව්වොත් සචී සන් තමන්ගෙන් ම ප්‍රශ්න කරන්න ගත්තා. අසහි මෙච්චර සමීප වුනෙ කොහොමද කියන එක ...අසහි කවදාවත් පහල ට ඇවිත් සචී සන් මූණගැසුනෙ නෑ ...ඒත් සචී සන් ට හැමවෙලේම ඕන කරා අසහි ව මුණ ගැහෙන්න යන්න. අසහිගෙ වෙස් මුහුණ අස්සෙන් හැංගුන මුහුණ දකින්න සචී සන් රෑ වෙනකන් බලන් ඉදියා.
දවසෙ වුන හැම දෙයක් ම අකුරක් නෑර කියන්න සචී සන් උවමනාවෙන් බලන් ඉදියා...
අසහි තමන්ගේ හොදම යාලුවා කියල පිලිගන්න සචී සන් කැමති වුනෙ නෑ ...මොකද යුශිරා ගැන තමන්ට තියෙන හැගීමෙන් අංශු මාත්‍රයක වෙනසක් අසහි ගැන තිබුනා. අසහි ඕසෝ වගේ තමන්ගේ සහෝදරයෙක් කියන්න සචී සන් කැමති වුනෙ නෑ ...මොකද ඕසෝව තමන්ට දැනෙන විදිහට වඩා වෙනස් විදිහට අසහි ව දැනුන නිසා ...
මේ හැමදේම හිතුවට පස්සෙ සචී සන් අන්තිම ප්‍රශ්නය තමන්ගෙන්ම අහන්න බය වුනෙ නෑ ...

අවාරයේ සකුරා Where stories live. Discover now